අහුලගත්ත ගොසිප්

ලක්ෂ ගානක් නැති වුන නිසා පෙම්වතිය අහිමි වුන සචින් කීව කතාව

මේ දිනවල බොහෝ දෙනා ඉතා ආශාවෙන් නරඹන ටෙලි නිර්මාණයන් අතර ඉදිරියෙන්ම තැබිය හැකි ජනප්‍රියතම ටෙලි නිර්මාණයක් ලෙස සිරස නාලිකාවේ නාළිකාවේ විකාශය වන “කියාදෙන්න ආදරේ තරම්” ටෙලි නිර්මාණය හඳුන්වා දෙන්න පුළුවන්.

එහි චරිතයන් ද්විත්වයකට රංගනයෙන් දායකවෙමින් ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන්ම දිනා සිටින නවක රංගන ශිල්පියෙක් ලෙස සචින්ත ලියනගේ හඳුන්වා දෙන්න පුළුවන්.

ඔහු එහි බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා සමග රංගනයෙන් දායක වී සිටින අතර එය ඔහුට අභියෝගයක් වූ බවත් ඇය සමග රංගනයෙන් දායක වීමේදී ඇයගෙන් අති විශාල සහයක් ලැබුණු බවයි සචින්ත කියා සිටියේ.

කුඩා කල සිට රංගන ශිල්පියෙකු වීමට සිහින දැක ඇති ඔහු තම සිහිනය කරා යෑමට මෙන්ම දිවිය සාර්ථක කර ගැනීමටත් බොහෝ දුක් ගැහැට විද ඇති බවත් ,මින් පෙර ඔහු රුපියල් පන්සියයක් වැනි අවම වැටුපකට පෙදරේරු, කම්කරු වැනි රැකියා 12ක් පමණ සිදුකර ඇති බවයි කියා සිටියේ.

පහල අඩියේ සිට ටිකෙන් ටික තම උත්සාහය, උනන්දුව, කැපවීම නිසාම සචින්ත මේ වන විට පැමිණ තිබෙන දුර ඉතා සාර්ථක ගමනක් වී ඇති බව කිව හැකියි.

ඒ වගේම කලක් වරායේද රැකියාව සිදු කර ඇති ඔහු සිය මිතුරෙකුගේ දැනුම් දීමක් මත “කියාදෙන්න ආදරේ තරම්” ටෙලි නිර්මාණයේ තිර පරීක්ෂණය සඳහා සහභාගි වී ඇති අතර

ඉන් සතියකට පමණ පසු ඔහු එහි ප්‍රධාන චරිතය සඳහා තේරී පත්ව ඇති බවට දැනුම් දීමේ දුරකථන ඇමැතුම් ලැබී ඇත්තේ ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය නිර්මාණය කරමිනුයි.

රංගනයට පෙර ඔහු වෙළෙඳ දැන්වීම් හරහාත්, ගීත රූප රචනා හරහාත්, නිරූපණ ශිල්පියෙකු ලෙසත් ජනප්‍රියව සිටි අතර කලක් සුන්දර ප්‍රේම කතාවක ප්‍රේමවන්තයෙක් ව ද සිට ඇති අතර විවිධ බාධක, දෙමාපිය එරෙහි වීම් මත තම ආදර කතාවට තිත තැබීමට සිදු වුවත්

තවමත් ඔවුන් මිතුරන් ලෙස දුක සැප එක සේ බෙදා ගන්නා බවයි මේ සුන්දර නවක රංගන ශිල්පියා කියා සිටියේ. ඉතින් මේ නිහතමානී සොඳුරු කලාකරුවාගේ ඉදිරි දිවියට අපි ඔහුට සුබ පැතුම් එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button