
ඇය ඉතාමත් නිහතමානි සුන්දර ආදරණීය රංගනයක් ශිල්පිනියක්. ඇය ජනප්රිය ටෙලි නාට්ය මෙන්ම චිත්රපට රංගන ශිල්පිනියක්.
ඉතින් එදා වගේම අදටත් තම ජනප්රියත්වය රැකගනිමින් කලා ලෝකයේ මෙන්ම විශාල ප්රේක්ෂකාදරයක් දිනාගත් ඇය තමයි, ජනප්රිය රංගන ශිල්පිනී සේමිනි ඉද්දමල්ගොඩ කියල කියන්නේ.
විටෙක හාස්ස්යජනක නට්යයන් හි ඇගේ අපූරු රංගනයන් ඔස්සේ ප්රේක්ෂකයින්ව පිනවන ඇය, තවත් විටෙක අහිංසක මෙන්ම ගැඹුරු චරිතයන් ද හරි අපූරුවට නිරූපණය කරනවා.
ඒ කොහොම නමුත් ඉස්සර නම් ඇයව නිතරම වාගේ නාට්යයන් ඔස්සේ දකින්නට ලැබුණත් දැන් නම් නිතරම ඇයව දැකගන්නට ලැබෙන්නේ නෑ.
ඒ නමුත් කලා ලොවේ ඇගේ මතකයන් අදටත් එසේමය. ඔන්න ඉතින් අපේ රටේ කොයි කාගෙත් හිත් දිනාගත් හරි ලස්සන කතා මාලාවක්නේ “යස් බොස්” කියලා කියන්නේ.
ඉතින් අන්න ඒකෙත් හරි අපූරු චරිතයකින් ඔබ හමුවට ආ සේමිනි හැමෝගේම ජනප්රියත්වයත් ආදරයත් දිනාගන්නට සමත් වෙනවා. ඔන්න ඉතින් “යස් බොස්” ආයෙමත් නරඹන්නට කාලය ඇවිත්.
මොකද මේ දවස්වල නැවතත් ඒ අපූරු කථා මාලාව විකාශනය වෙනවා. ඉතින් සේමිනි “යස් බොස්” එකේ හරි අපූරුවට රඟ දැක්වන්නේ, “රෝෂිනි මැඩම්” ගේ චරිතයයි.

ඔන්න ඉතින් ලස්සන විවාහ දිවියක් ගෙවන සේමිනිට ආදරණීය හුරුබුහුටි දියණියක් ද සිටින අතර, සේමිනිගේ 27නි විවාහ සංවත්සරය නිසා ඇය ගැන හැමෝම වාගේ කථා වෙන්නට පටන් ගත්තා.
ඉතින් සේමිනිගේ දියණිය මේ වෙද්දී අවුරුදු 20ක තරුණියක වන අතර, ඇය නමින් “කුමලි ඉද්දමල්ගොඩ” යි. ඉතින් සේමිනීගේ විවාහ සංවත්සරය දවසේ ඇගේ ආදරණීය දියණිය “කුමලි” ගේ හරි ලස්සන ඡායාරූප පෙළක්, සේමිනි විසින් එක්කර තිබෙනවා.
ඔන්න ඉතින් සේමිනි ඉද්දමල්ගොඩ ආදරණීය කලාකාරිනිගේ ආදරණීය දියණිය ගැනත් කථා කරන්නට හිතුවා. ඇය මේ වෙද්දී දක්ෂ ප්රවෘත්ති නිවේදිකාවක වන අතර, ඉංග්රීසි බසින් තමයි “කුමලි” ප්රවෘත්ති ඉදිරිපත් කරන්නේ ඉතාමත් විශිෂ්ට අයුරින් හරි අපූරුවට.
ඔන්න ඉතින් “කුමලී” රංගන ක්ෂේත්රයට පැමිණෙනවාට සේමිනී වාගේම ඇගේ ආදරණීය සැමියාත් කැමති නැති අතර, ඇයව අධ්යාපන ක්ෂේත්රයෙන් ඉස්සරහටම යවන්නටයි, සේමිනීගේ ලොකුම බලාපොරොත්තුව.








