ඉතා හොද ප්‍රතිචාර ලැබෙන ස්නැප් කතා මලාවේ දුෂාන් ගේ චරිතයට පණ පොවන කඩවසම් නළු යෂ්මින්ද වීරසිංහ

රසිකාවියන් අතර සිහින කුමරා වී සිටින මේ කඩවසම් යොවුන් රංගන ශිල්පියෙකු වන මොහු නමින් යෂ්මින්ද වීරසිංහ වේ. පසුගිය කාල වලදී වැඩිය දකින්ට නැති වුනත් මොහු ටෙලි නාට්‍ය ඔස්සේ රසික රසිකාවියන් අතරට ගිය යොවුන් රංගන ශිල්පියෙකු බවට පත් වී තිබෙනවා.
රංගනය වාගේම තමන්ගේ අපුරු කටහඩ නිසා මොහු වැඩි වැඩියෙන් රසිකයන් අතරට ගිය චරිතයක් බවට පත් විය. මේ දින වල ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වන ස්නැප් කාතා මාලාව ඔස්සේ වෙනස්ම විදිහේ චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට ගිය මොහු අද ජනප්‍රිය චරිතයක් බවට පත් වෙමින් යනවා.

විජයබා කොල්ලය, ශ්‍රී සද්ධා වැනි චිත්‍රපට ඔස්සේ මොහුගේ සිනමා රංගනයන්ද ප්‍රේක්ෂයන්ට දැක ගැනීමට හැකි වුනා. මොහු හඩකැවීම් ශිල්පියෙකු ලෙසද කටයුතු කරන අතර එහිදි හිමන්තරා, මිණි පහන ඔබයි, චන්ද්‍රනන්දනී වැනි කතා තුළින් ඔහුගේ හඩ අසන්නට ලැබුනා.
අත්තටු නෑ ඉගිලෙයි යන නිර්මාණය ඔස්සේ ක්ෂේත්‍රට පිවිසෙන මොහු පළමුවෙන් චරිත නිරුපණයක් සදහා තමන්ගේ දායකත්වය දෙන අතර කැමරාව ඉදිරියේ කටයුතු කරන විට එය නුහුරු නුපුරුදු දේයක් වුවත් එයින් නොසැලි අද වන විට දක්ෂ රංගන ශිල්පියෙකු බවට පත් වී තිබෙනවා.
ඉංජිනේරුවෙකු වීමට සිහින දැකපු මේ යොවුන් රංගන ශිල්පියා රංගනය දැක්පු ආශාව නිසා අද වන විට ඒ ක්ෂේත්‍රය සදහා යොමු වී ඇත.

යෂ්මින්ද තමන්ගේ රංගන කටයුතු පිබිද මතක් කිරිමේදි ඔහු කියා සිටියේ තමන් ඉංග්‍රීසි චිත්‍රපට නරඹන්නට වැඩි කැමැත්තක් දක්වන බවත් ඒම චිත්‍රපට තුළ සිටින චරිත වලින් ඔහුගේ විවිධ චරිත නිරුපණය සදහා එම රගපැම් වලින් අත්දැකීම් ලබා ගන්නා බවත් ය.
ක්ෂේත්‍ර පැමිණ කෙටි කාලයක් තුළ ප්‍රවීණයන් සමග කටයුතු කරන මේ යොවුන් රංගන ශිල්පියාගේ කඩවසම් ඡායාරූප කිහිපයක් තමයි මේ.









