
ගායන සුපිරි තරු මාවතෙන් බිහිවූ අති දක්ෂ යොවුන් ගායන තරුවක් වශයෙන් සංඛ දිනෙත් ගායන ශිල්පියා පෙන්වා පෙන්වා දෙන්නට පුළුවන් වන අතර රසික හදවත් පිනවන්නට තරම් මොහුගේ මියුරු හඬ සමත් වී ඇති අතර,
ඉතාමත් කෙටි කාලයක් තුළ මෙරට රසික රසිකාවියන්ගේ සිත් සොරා ගැනීමට සමත් වූ යොවුන් ගායකයෙකු වන මොහුගේ කටහඬින් ගැන සියලු ගීත රසවින්දනය කරන පිරිස ඉතාමත් ඉහල වන අතර
ඔහු සතු ගැඹුරු ආදරණීය හඬ සෑම දෙනාගේම මතකයේ රැඳුණ හඬක් බවට අද වන විට පත්වී තිබෙනවා. සිරස නාලිකාවේ ගායන තේ රට තරගාවලියක් වන සුපර් ස්ටාර් තරගාවලිය ඔස්සේ මෙරට ගායන ක්ෂේත්රයට පිවිසි මොහොත වනවිට
අපේ රටේ ප්රවීණ ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් සමඟ කටයුතු කරන ආකාරය ද ඔවුන් සමඟ ගීත ගායනා කරන ආකාරය ද දැකගන්නට ලැබෙන අතර,
එයින් පැහැදිලි වන්නේ ඔහු සතු ගායනය හැකියාව කොතරම් ද යන්නයි. ප්රසංග වේදිකාව තුළ ද කාගෙත් කතාබහට ලක්වුණු චරිතයක් වන මොහුගේ සියලුම ගීත ඉතාමත් සුන්දර ගීත වනවා.
වර්තමානය වන විට තරුණ කඩවසම් ගායන ශිල්පියෙකු වශයෙන් ඔහු සංගීත ක්ෂේත්රය තුළ ඉතාමත් ඉහළින් සිටින චරිතයක් බවට පත් වී හමාරයි.
යොවුන් ගායකයෙකු වශයෙන් ජනප්රියත්වයට පාත්ර වූ මොහුගේ පවුලේ විස්තර ගැන කතා කරන විට සංඛ දිනෙත් ආදරණීය ස්වාමි පුරුෂයෙක් මෙන් ම ආදරණීය පියෙකු වනවා.

පිරිමි දරුවන් දෙදෙනකු සිටින සංඛ දිනෙත්ට සුන්දර බිරිදක් ද සිටිනවා. පසුගිය දිනක සංඛ දිනෙත් තමන්ගේ බාල පුතුගේ පළමු වන උපන්දිනය සමරන්නට කටයුතු කර තිබූ අතර,
වෙනස්ම ආකාරයෙන් සැරසී වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක් ඔවුන් පුතුගේ උපන් දිනය වෙනුවෙන් ලබාගන්නට සංඛ දිනෙත් ඇතුළු ඔහුගේ පවුලේ අය කටයුතු කර තිබූ අතර,
ගුවන් නියමුවන් සේ සැරසි ඔවුන් මෙම ඡායාරූප පෙළට මුහුණ දී තිබූ අතර වෙනස්ම ආකාරයේ ආදරණීය ඡායාරූප පෙළ කැමරා කාචයට හසු කරගෙන තිබුනේ Naleem Kamaldeen photography විසින් වේ








