ගොසිප් පුවත්තරු ගොසිප්

කරාතේ වලින් පටි ගහන්න දැකපු හීනය අද වන විට රගපැමේ හීනයක් බවට පත් කර ගත් “කවී” කාවින්ධ්‍යා

හිත ඇදිල යන සුන්දර සිනහවක්  මෙන්ම සුන්දර ඇස් දෙපළක් හිමි සුරූපී යොවුන්  රංගන ශිල්පිනියක් ලෙස කාවින්ද්‍යා දුල්ෂානි හඳුන්වන්න පුළුවන්.

බොහෝ දෙනා රංගන ශිෂ්ට වැඩකටයුතුවලදී ඇයව හඳුන්වන්නේ කවි යන නමිනි.  අහස් මාලිගා , සකල ගුරු වැනි ටෙලිනාට්‍ය තුළ දී පසුගිය කාලය තුළ ඇයගේ රංගනය ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වුණා.

රංගන ශිල්පිනී කාවින්ද්‍යා දුල්ශානි රංගනයට පිවිසීම පිළිබඳ මතක් කරේ එය අහඹු සිදුවීමක් බවයි. අටි.ටී.එන්. නාලිකාවේ අවුරුදු කුමරිය තරගයේ අවසාන දොළොස් දෙනා අතරට තේරුණ මේ සුරූපී යුවතිය එම නාලිකාවේ ම ටෙලි නාට්‍යයක රඟපෑම සඳහා අවස්ථාව උදා වු අතර වූ අතර,

ඒ ඔස්සේ  අද වන විට ඇය රංගන ශිල්පිනියක් බවට පත්වී තිබෙනවා. කරාතේ ක්‍රීඩාවලින් ඉදිරි යාමට සිහින දැකපු ඇය අද වන විට රංගනයට ඇති ආශාව නිසාම ඇයගේ එම කරාතේ සිහිනය අද වන රඟපෑම් සිහින බවට පත් වී තිබෙනවා.

නමුත් මේ දිනවල  ඇය වැඩි වශයෙන් දැක ගැනීමට හැකි වන්නේ හිරු නාලිකාවේ මියුසික් වීඩියෝ වැඩසටහනක් වන hiru top ten වැඩ සටහනේ  නිවේදිකාවක් ලෙස මේ දිනවල කටයුතු කරනු ලබනවා. ර

ඟපෑම් කටයුතු හේතුවෙන් ඇයට අද වන විට නිවේදන කටයුතු සඳහාත් සභාගි වීමට අවස්ථා උදා වී ඇති අතර රංගනයේදී රංගන ශිල්පිනියක් වශයෙන් ලැබුණු ප්‍රතිචාර මෙන්ම නිවේදිකාවක් ලෙසද ඇයට මේ වන විට මේ වන විට විශාල ප්‍රතිචාර ලැබෙන බවයි සතුටින් මතක් කර සිටියා .

ටෙලි නාට්‍ය කීපයක රංගන කටයුතු වලට අමතරව ඔබ හඳුනන කවි ඇයගේ දෙවන චිත්‍රපටය සඳහා රඟපෑම් කටයුතු ද මේ දිනවල සිදු කරනු ලබනවා ඉදිරියේදී තිරගත තිරගත වීමට නියමිත  උතුරු සුළඟ චිත්‍රපටියේ ඇය ප්‍රධාන චරිතය ද නිරූපණය කරනු ලබනවා. රංගනයට තවමත් අලුත් ඒ සුන්දර රංගන ශිල්පිනිය වන කවි ගේ ලස්සන ඡායාරූප කීපයක් තමයි මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button