
හෙට අපේ දවස සුන්දර කරලන්නට ඇගෙන් ලැබෙන උත්තරීතර සෙනෙහස අපමණ සවියකි. ඒ අම්මා ය. නැලවිලි ගීයෙන් සිය පුතු නලවන්නට ඇගේ උත්තරීතර මවු සෙනෙහස උතුම් මාතෘ පදවිය කෙතරම් සමීප වන්නට ඇත් ද?
උතුම් වූ මාතෘ පදවිය ගැන කියන්නට වචන නැති තරම්. මවත් පියාත් මෙන්ම සහෝදර සහෝදරියනුත් සංගීත ගුරුවරුන් වූ පවුලක උපත ලබන්නට කෙතරම් වූ සොඳුරු මිහිරි බවක් වන්නට ඇත් ද?
එවන් වූ සොඳුරු මිහිරි දුලබ අවස්ථාවක් ලද පවුලක බාලයා ගැන තමයි අද අපි කථා කරන්නට හිතුවේ. වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකේය හදවත් සුපෝෂණය කළ ඔහු නමින් රොමේෂ් ලක්ෂිත සුගතපාල නම් වන අතර,
සංගීතය කියලා කියන්නේ රොමේෂ්ට සදාතනීය නෑදෑයෙක් මෙනි. සංගීත භාණ්ඩයන් දකිමින් අතපත ගාමින් ගොඩ නැගුණු රොමේෂ්ගේ ළමා වියේ දී හීනය වී තිබෙන්නේ නම් දක්ෂ වාදකයෙකු වීමට වනවා.
කේ.එම් සුගතපාල නම් සංගීත ගුරුතුමා තමයි රොමේෂ්ගේ පියා වෙන්නේ. එමෙන්ම රොමේෂ්ගේ ආදරණීය පියාණන් මෙරට නම ගිය සංගීතඥයන් ගණනාවකගේම සංගීත ගුරුවරයා ලෙස කටයුතු කර ද තිබෙනවා.
එතුමා පාසල් සංගීත ගුරුවරයෙකු ලෙසයි කටයුතු කර ඇත්තේ. එමෙන්ම එතුමාගේ සංගීත කලායතනය 1978 වසරේ දී ආරම්භ කරන්නට හැකියාව ලැබෙන අතර, රොමේෂ්ගේ මවත් එම කලායතනය තුළ සංගීත ගුරුවරියක ලෙසින් කටයුතු කරනු ලබන අතර,
ඇය සුනීතා ද සිල්වා නම් වේ. ඉතින් මේ හැම දෙයක් ගැනම රොමේෂ් මෙන්න මේ විදියටයි හරි අපූරුවට නමුත් කියන්නේ නම්.
“මට අවුරුදු 4ක් 5ක් වගේ ඇති මගේ අම්මා ඇගේ ඔඩොක්කුවේ මාව තියාගෙන, කලායතනයේ සංගීත කටයුතු ඉගැන්වීම් කරද්දී. මං අවුරුදු 4දී වගෙ තමයි ස්වර පුවරුව වාදනය කරේ.
ඒ වුණත් ඉතින් මට යමක් කමක් රේරෙන වයසට එද්දී නම් මට සංගීතය පැත්තෙන් ඉස්සරහට යන්නට තරම් උවමානවක් තිබුණේ නෑ.
ඒ කොහොම වුණත් ගෙදර පරිසරයත් සංගීතයට බද්ද නිසා මම ඉබේටම සංගීතයට යොමු වෙනවා. ඉතින් ඒත් එක්කම වාදන අංශයෙන් විශාරද විභාගය පළමු සාමාර්ථක් සමඟින් මට සමත් වෙන්නටත් හැකියාව ලැබෙනවා”, කියලා.
ප්‍රේමය විරහව වැනි ආත්මීය හැගීම් තාරුණ්‍යයට වඩාත් ආදරණීය ළබැඳි ස්වරයකින් සමීප කරන්නට රොමේෂ් සතු මෙවන් උතම් සංගීත ඥානය වඩාත් ඉහවල් වී ද තිබෙනවා.
වාදන ශිල්පියෙකු ගායකයෙකු සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ප්‍රේක්ෂක සිත් ලැගුම් ගත් රොමේෂ් දැනට කොළඹ ප්‍රදේශයේ ජීවත් වන අතර,
ඔහුගේ ආදරණීය සහකාරිය තමයි “ඔමාලි”. ඔමාලි ව රොමේෂ්ට හමුවන්නේ 2002 වසරේ දී වන අතර, දෙදෙනාගේ ආදරේ දිනෙන් දින දෝරේ ගලන්නට වූ අතර ඒ නිසාම රොමේෂ්ගේ ගීතයන් ද වඩාත් ප්‍රේමණීයත්වයට පත්වන්නට වූවා.
2012 වසරේ අගෝස්තු මස 12වෙනි දින තමයි රොමේෂ් සහ ඔමාලි යුග දිවියට පත් වන්නේ. ඉතින් මේ දෙපලට දාව ලස්සන පුතකු ඉපදෙන අතර,
අද වන විට පුතුට වයස අවුරුදු 6ක් පමණ වනවා. ඉතින් රොමේෂ්ගේ පුතු “ලිමන්” ද ඉපදෙන්නේ රොමේෂ් උපන් මාසයේ එම දිනම වන අතර, ලිමන් සහ රොමේෂ් මේ ආදරණීය පිය පුතු දෙපල එකම දිනයේ සිය උපන් දිනය ද සමරන්නේ හරිම ප්‍රීතියෙනි.








