
එදා මෙදා තුර කලා ක්ෂේත්‍රයට බිහිවූ රංගනයට මෙන්ම නර්තනයටද උපන් හපන්කම් දක්වන බොහෝ දෙනෙක් ආදරේ කරන අති දක්ෂ ,ජනප්‍රිය ,ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි නිලන්ති ඩයස් කියලා කියන්නේ.
කලක් නිර්මාණයන්ගෙන් නිතරම පාහේ දක්නට ලැබුණු ඇය මේ දිනවල නිර්මාණයන්ගෙන් දක්නට නොලැබුණත් වේදිකාව උඩ නම් නිතර දක්නට ලැබෙනවා කිව්වොත් නිවැරදියි.
ලග එන උත්සව සමය නිසා සංගීත ප්‍රසංග බහුල වශයෙන් පැවැත්වෙන බැවින් ඒවායෙහි නර්තන වැඩ කටයුතු සඳහා සම්බන්ධ වී සිටින බැවින් මේ දිනවල කාර්ය බහුල වී සිටින බවත් ,ඉදිරියේදී සම්බන්ධ වීමට නියමිත ආරාධනා ලද නිර්මාණ ද කිහිපයක්ම තිබෙන බවයි නිලන්ති කියා සිටියේ.
කලා ක්ෂේත්‍රයේ සිටින රංගන ශිල්පිනියන් අතර කැපී පෙනෙන සුන්දරත්වයකින් යුක්ත ඇය නිතර සිනාමුසු මුහුණින් සැමට එක ලෙස සංග්‍රහ කරන, කුඩා හුරුබුහුටි ශරීරයකට හිමිකම් කියන ,ඉතා ප්‍රිය මනාප ,කෙළිලොල් රංගන ශිල්පිණියක බව ඔබත් පිළිගනු ඇති.
මේ වන විට ව්‍යාපාරිකයෙකු සමඟ සුන්දර, සාර්ථක විවාහ දිවියක් ගත කරන ඇය අවුරුදු අටක් වයසැති සුරතල් දියණියකගේ මවක ද වනවා.
මවක වුවත් තම සුරූපී රුව එලෙසටම රැක ගැනීමට සමත්ව තිබෙන ඇය කියා සිටියේ කලක් ඇය දියණිය නිසා රංගන කටයුතු වලින් මදක් ඈත්ව සිටියත් මේ වන විට නැවතත් නිර්මාණයන් හා සම්බන්ධ වී සිටින බවයි.
ඒ වගේම ඇයගේ වැඩ කටයුතු සඳහා ඇය ගේ මව මෙන්ම ආදරණීය සැමියා ගෙන් ද විශාල සහායක් ලැබෙන බවයි නිලන්ති කියා සිටියේ.
එමෙන්ම මේ වන විට සිනමා නිර්මාණ මෙන්ම ටෙලි නිර්මාණ රාශියකට ද ඇය රංගන දායකත්වය ලබාදී තිබුණද තවමත් ඇයගේ හැකියාවෙන් නිසි ප්‍රයෝජනයක් ගෙන නොමැති බවයි ඇයගේ අදහස.
කෙසේ නමුත් බොහෝ දෙනෙකුගේ හදවතේ රංගන ශිල්පිනිය වන මේ සුරූපී, ප්‍රවීණ රංගන ශිල්පිනිය නිලන්ති ඩයස් හට අපි සුභාශිංසන එක් කර සිටිනවා.








