අහුලගත්ත ගොසිප්

ලංකාවම ආදරේ කරන කළා තරුව රංගන ජීවිතයට තිත තියයි

බොහෝ ප්‍රේක්ෂකයින් ඉතා ආදරයෙන් වැළඳ ගෙන සිටින “බ්‍රෝ” ටෙළි නිර්මාණයෙහි “ටියුබා” ලෙස ඔබගේ ආලින්දය රසවත් කළ ඔහු ජනප්‍රිය, යොවුන් ,කඩවසම් රංගන ශිල්පී නිනෝ අරලිය ජයකොඩි යි.

පුංචි තිරයේත්, රිදී තිරයේත් තමන්ගේම කියා අනන්‍යතාවක් ගොඩනගා ගෙන සිටින ඔහු ක්ෂේත්රය තුළ ඉඳහිට ,අවම වශයෙන් දක්නට ලැබෙන රංගන ශිල්පියෙකු ලෙසද හඳුන්වන්න පුළුවන්.

ඉතිං පසුගිය දිනවල ඔහු පිළිබද වැඩි වශයෙන් කතාබහට ලක්ව තිබුනේ ඔහු රංගනයට සමු දීමට තීරණය කර ඇති බවක් ඔහු විසින් සමාජ මාධ්‍යයට එක් කර තිබූ නිසයි.

නමුත් ඔහු පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් හා එක්ව කියා තිබුණේ කිසිදා රංගනයෙන් ඉවත් වීමට අදහසක් නොමැති බවයි.

වසර 18ක කාලයක් පුරාවට කලාවට අප්‍රමාණ මෙහෙයක් ඉටු කර ඇති ඔහු ඉදිරියේදී තිරගතවීමට නියමිත අලුත්ම ටෙලි නිර්මාණයන් මෙන්ම සිනමා නිර්මාණයන් ද කිහිපයකටම රංගනයෙන් දායක වීමට නියමිත බවත්,

පසුගිය දිනවල ඔහු ක්ෂේත්‍රය තුළ වැඩිය දක්නට නොලැබුණේ ඔහුට රංගන ආරාධනා නොලැබුණු නිසා බවත් ,ඉඳහිට ලැබුණු සමහර ආරාධනා ප්‍රතික්ෂේප කිරීමට සිදුවූ නිසා බවයි.

ප්‍රතික්ෂේප කිරීමට හේතුව එය සමලිංගික පුද්ගලයකුගේ චරිතයක් නිසා බවයි නිනෝ කියා සිටියේ. ඒ වගේම 2010 ,2011 වසර දෙක තුළ ඔහුට ආරාධනා ලැබුණු හොඳ නිර්මාණයන් කිහිපයක්ම ප්‍රේම සම්බන්ධතාවයක් නිසා ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බවත්, ඒ ගැන අද පසුතැවෙන බවයි ඔහු කියා සිටියේ.

“මධූ නම් ඇය” ටෙලි නිර්මාණය හරහා රංගන ක්ෂේත්‍රයට පා තබන ඔහු පසුව රංගනය පිළිබඳව වැඩිදුර හැදෑරීම සඳහා මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාසලට යොමුව ඇති අතර,

එහිදී ඔහුට හඳුනා ගැනීමට ලැබුණු නෙහාරා පීරිස් හරහා සන්ධ්‍යා පීරිස් මහත්මිය හඳුනාගන්නා ඔහුට එමගින් ඔහුගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂයක් වුණු ,බොහෝ ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයට පත්වුණු “රුවන් මාලිගා” ටෙලි නිර්මාණයෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමේ අවස්ථාව හිමි වූ බවයි කියා සිටියේ.

ඒ වගේම ඔහු ටෙලි නිර්මාණයක ප්‍රධාන චරිතයකට පණ පෙවූ එකම අවස්ථාවක ද එය බවයි නිනෝ කියාසිටියේ.ඊට අමතරව ඔහු සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතයක් නිරූපණය කළ අවස්ථාවක් ලෙස “නිනෝ ලයිව්” හඳුන්වන්න පුළුවන්.

ඉතින් ඒ වගේම මේ අති දක්ෂ රංගන ශිල්පියා කියා සිටියේ මෙතෙක් ඔහුට සතුටු විය හැකි තරමේ රංගනයක් ඔහු අතින් සිදුව නොමැති බව හා එවැනි නිර්මාණයකට ආරාධනා ද මෙතෙක් ලැබී නොමැති බවයි.

එබැවින් ඉදිරියේදී කෙසේ හෝ හොඳ නිර්මාණයකට සම්බන්ධ වී ,හොඳ ඉදිරිපත් කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button