
ඇය කාලයක් තිස්සේ දේශපාලන වේදිකාව තුළ ප්‍රසිද්ධ වූ චරිතයක වන අතර, රියැලිටි ෂෝ පුංචි තිරය සහ රිදී තිරයේ ද නැතුවම බැරි සුන්දර සුරූපී රංගන ශිල්පිනියක විදියට හැඳින්විය හැකි ඇය තමයි ඔබේ ආදරණීය රංගන ශිල්පිනිය ඕෂධි හේවාමද්දුම.
ඔන්න ඉතින් ඕෂධී ට මේ වෙද්දී විශාල රසික පිරිසක් සිටින අතර, ඒ ඇගේ වූ අපූරු රංගන හැකියාවන් සහ ඇගේ ඇති නිහතමානිකමත් සුන්දරත්වයක් නිසාම ය.
ඉතින් ඕනෑම චරිතයක් ඉතාමත් මැනවින් උකහා ගන්නා එහි වූ අපූරු භාවාත්මකභාවය තුළින් ඉස්මතු වෙමින් දක්ෂ රංගන ශිල්පිනියක ලෙසින් ඔබ අතරට එන ඕෂධි හේවාමද්දුම රංගන ශිල්පිනියගේ පැහැපත් බවේ රහස, අද වෙද්දී හැමෝම හොයන දෙයක් බවට පත් වෙලා තියනවා.
ඔන්න මේ ළඟදී නම් කලාවත් එක්ක අත්වැල් බැඳගන්නට නොහැකි වුණු ඔබ ආදරය කරන ඇය මෙන්න මේ වගේ කථාවක් තමයි කියන්නේ.
“මං ගොඩාක් සුදු නිසා බොහෝ අය මගේ නම කැත විදියට ප්‍රචාරය කරලා තිබ්බා. ඒ අතරේ සමහරක් කීවා මං ඉන්ජක්ෂන් ගැහුවා කියලා සුදු වෙන්න.
ඒ වුණත් මං හදවතින්ම කියන්නේ මං මගේ රූපය සුන්දරත්වය ගැන එදා සිටම හිතපු කෙනෙක් විදියට ඒ සඳහා මං භාවිතා කරේ ස්වභාවික දේවල් විතරයි”, කියලා.
ඔන්න ඉතින් වසර ගණනාව නිහැඩියාවෙන් පසුව ඕෂධි නැවතත් රංගන කරලියට බැස තිබෙන අපූරුව ඇයට ආදරය කරන ඔයාලාට නරඹන්නට පුලුවන්.
ඒ “සිහින ගෙනෙන කුමාරියේ” ටෙලි නාටකය හරහා යි. ඉතින් ඇගේ පෞද්ගලික ජීවිතේ බොහෝ දෑ නිසා ඇගේ රංගන ජීවිතය පසු බැස්මක් ද පහුකාලිනව සිදු වී තිබෙනවා.
ඒ වගේම ඕෂධිගේ විවාහයෙන් පසුව වුවද තවමත් ඇයට එක ගෙදරක පවුල් ජීවිතේ ගෙනියන්නට නොහැකි වී ද තිබෙනවා. එමෙන්ම ඕෂධී ට ලැබෙන බොහෝ ටෙලි නාට්‍යයන්හි චරිතයන් තුළ ඇයට රඟ දක්වන්නට ලැබෙන්නේ, “පෙම්වතිය” ගේ චරිතය වන අතර,
ඉතින් ඕෂධි නම් කියන්නේ ඇයට ඇගේ වයසට රූපයට අනුව ගැලපෙන චරිත ලබා දෙනවා නම් ඇය බොහෝ සෙයින් සතුටු වන බවත්,
ඒ කෙහොම වෙතත් හැම දේකටමත් වඩා ඇගේ පවුල් ජීවිතේ අංක එක වෙන බවත් වන අතර,
ඕෂධි හේවාමද්දුම ඔබේ ආදරණීය කලාකාරිනිය හරිම ආදරයෙන් කියන දෙයක් තමයි, “ඇගේ ආදරණීය සෙනෙහෙබර සැමියා ඇයට නිරතම කියන දෙයක් තමයි ලු, “ඇය වැනි බිරිඳක් ලැබුණේ ඇගේ සැමියාගේ පෙර පිනකට”, කියලා.








