අහුලගත්ත ගොසිප්

රංගනයට වඩා මට මගේ ආත්ම ගෞරවය වටිනවා. අපි හොඳට ඉන්නවනම් එහෙම චෝ දනා එල්ල වෙනවා අඩුයි

සුන්දර මහියංගනය පුරවරයේ ඉපිද 2019 දෙරණ අවුරුදු කුමරිය තරගය සඳහා ඉදිරිපත්ව එහි දෙවන ස්ථානයට හිමි කිරුළ දිනා ගනිමින් ඒ හරහා රංගන වරම් හිමි කර ගන්නා ඇය තමයි සුරූපී, යොවුන්, අති දක්ෂ, ජනප්රිය ,නවක රංගන ශිල්පිනී කස්තුරි ජයවර්ධන කියල කියන්නේ.

“හුස්මක් තරමට” ටෙලි නිර්මාණය තුළින් රංගනයට පා තබන ඇය මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන “නීල පබලු” ටෙලි නිර්මාණයෙහි “මහීමා” නම් චරිතය හරහාත්,“පෝක් වීදිය” ටෙලි නිර්මාණයෙහි ගුරුවරියකගේ චරිතය හරහාත්,

“දිග දවසක්” ටෙළි නිර්මාණයෙහි “කුමී” නම් චරිතය හරහාත් ඔබගේ ආලින්දය සරසන ඇය ඉතා කෙටි කාලයක් තුළ අති විශාල ජනප්රියත්වයක් ලබමින් මෙතරම් දුරක් පැමිණි ගමන් මඟ දෙස ආපසු හැරී බලන විට විශාල සතුටක් දැනෙන බවයි කියා සිටියේ.

මව ,පියා හා නැගණියක ගෙන් යුත් පවුලේ වැඩිමල් දියණිය ලෙස උපත ලබා මේ වන විට යොවුන් වියේ පසු වන මේ සුරූපී රංගන ශිල්පිනිය තවමත් පෙම්වතියක ද නොවන බවයි අපිට දැනගන්න ලැබුණේ.

රංගනය නිසා කාර්ය බහුල දිවියක් ගත කරන ඇය ප්රේමයක් පිළිබඳව සිතීමටවත් කාලයක් නොමැති බව හා ඇය තවමත් ළාබාල තරුණියක් නිසා ප්රේමයක් පිළිබඳව සිතීමට තව කල් තිබෙන බවයි කියා සිටියේ.

ඒ වගේම දෙමව්පියන්ට කීකරු ලෙස ගුණ යහපත් අයුරින් හැදී වැඩී ඇති කස්තුරි දෙමව්පිය කීමට විරුද්ධව කිසි දෙයක් නොකරන බවයි කියා සිටියේ.

ඒ වගේම ප්රසිද්ධිය, ජනප්රියත්වය හිමි ඕනෑම අයෙකුට කටකතා හැදෙනවා කියන දේ සාමාන්ය දෙයක්.තවමත් කිසිම නරක නාමයක් ගාවා නොගෙන කස්තුරි පැමිණ තිබෙන මේ ගමන ඇය කියා සිටියේ මෙසේයි

ඇගේ චරිතයට හානිවන ඕනෑම දෙයක් සිදු වුවහොත් රංගනයෙන්ද ඉවත් වීමට සූදානම් බව හා රංගනයට වැඩිය පිරිසිදු චරිතය වටින බවයි අවසන් වශයෙන් ඇය කියා සිටියේ.

මේ වන විට බොහෝ ප්රේක්ෂක පිරිසකගේ ප්රියතම රංගන ශිල්පිනිය වී සිටින මේ සුරූපී ,ජනප්රිය රංගන ශිල්පිනිය කස්තුරි ජයවර්ධන ගේ ඉදිරි ගමනට අපි ඇයට සුබ පැතුම් එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button