අහුලගත්ත ගොසිප්

වයස අවුරුදු එක හමාරේදි ගිනස් පොතට ගිය අපේ රටේ හුරතල් දියණිය අයිරින්

ඉතාමත් ළාබාල වයසකදී එනම් අවුරුදු එකහමාරක් පමණ වයස ඇති පුංචි දියණියක් ගිනස් පොතට යෑමට තරම් දස්කම් දක්වන්නට සමත් වී තිබෙනවා.

අවුරුදු එකහමාරක් යනු ඉතාමත් හුරතල් වයසක් වන අතර එම අවුරුදු එකා මාර එළිදැක්වූ අපූරු දක්ෂතා නිසා ලොව පුදුමයට පත් කරමින් ගිනස් වාර්තාවක් පවා තබන්නටත් මේ පුංචි සුරංගනාවිය සමත් වන අතර,

ඇය අපේ රටේ අනුරාධපුර ප්රදේශයේ පදිංචි අපි මේ කතා කරන කතාවේ කතා නායිකාව ෆස්මීර් අයිරින් දියණිය වනවා.

අයිරින් දියණියට මාස හයක් පමණ වන විට ඇය අපූරු දක්ෂතා දක්වන්නට වූ අතර ඉතාමත් හොඳ මතකයක් ඇය සතුව වනවා.

ඇය සතු මතකය කොතරම්ද කියනවා නම් වයස අවුරුදු එකහමාරක් වන මේ හුරතල් පුංචි සුරංගනාවිය පක්ෂීන් විශේෂ 73 ක නම්, අපේ රටේ ජාතික නායකයින් 25 දෙනෙකු සහ රූප මතකයේ තබා ගැනීමට ඇය ඉතාමත් දක්ෂතා දක්වන අතර,

ඇය එසේ විවිධ රූප සහිත කුඩා කාඩ්පත් 500 ක් පමණ මිනිත්තු 7 තප්පර 6 ඇතුළත හඳුනා ගැනීමේ හැකියාව ඇය සතු වන අතර මේ ඔස්සේ ඇය ලෝක වාර්තාවක් වාර්තාවක්ද තබන්නට සමත් වෙනවා.

මේ පුංචි දියණිය කොතරම් දක්ෂ ද කියනවා නම් ඇය ආසියාවේ වාර්තා පොතට ද ඇතුළත් වන්නට තරම් ඇය දක්ෂ වනවා.

මෙතරම් කුඩා වයසකදි අපේ රටට ආඩම්භරයක් ගෙන එමට හැකියාව ලැබු මේ දියණියට අපි සුභ පැතුම් එක් කරන්නට අමතක නොකරමු.

ඉතාමත් ලාබාල ළාබාල වයසකදී මෙතරම් දක්ෂතා දක්වන මේ සුරතල් දියණිය අනාගතයේදී ඉතාමත් දක්ෂ තරුණියක් වශයෙන් රටට වැඩදායි දියණියක් වීමට ඇයට හැකිවේවා යැයි අපි සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ඇයට ආශිර්වාද කරමු

අයි.ටී.එන් ප්‍රවෘත්ති විකාශය ඇසුරින් තොරතුරු ලබා ගන්නා ලදී

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button