අහුලගත්ත ගොසිප්

පිළිගැනීමේ නිලධාරිනියක් විදිහට සේවය කල, නාට්‍ය අධ්‍යක්ෂවරයකු නිසා රංගනයට පැමිණි අයිශ්චර්යා වර්මන්

අද වන විට කලාවට ඇත්තේ සුවිශේෂි ස්ථානයකි. එමෙන්ම තරුණියන්ගේ වැඩි නැඹුරුවක් ද අද වන විට කලාව තුළ පවතින අතර, එවැනි කලාවට එකතුවුණු තවත් එක්තරා දක්ෂ මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක තමයි අයිශ්චර්යා වර්මන් කියලා කියන්නේ.

කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ ජීවත් වන අයිශ්චර්යාට ඉන්නේ බාල සහෝදරියන් 4ක් ය. කොලොන්නාව සහ බොරැල්ලේ සියලු ශාන්තුවරයන්ගේ කන්‍යාරාමයෙන් ජෝෂප් විද්‍යාලයෙන් තමයි අයිශ්චර්යා අධ්‍යපනය හදාරන්නේ.

පසුව ඇගේ ඒකායන බලාපොරොත්තුව වෙලා තිබෙන්නේ කථීකාචාර්යවරියක වීම වන අතර, කෙසේ වුවද මඟදී අධ්‍යාපනය නතර කිරීමට ඇයට සිදු වී ඇති අතර,

පසුව ඇය මොඩලින් කර ඇති අතර, අද වන විට අයිශ්චර්යාගේ වෘත්තිය තමයි “රංගනය” කියලා කියන්නේ. දෙරණ නාලිකාව මඟින් විකාශනය කරන “පොදු-2” ටෙලි නාට්‍යය හරහා ඔබ හමුවට එන අයිශ්චර්යා රංගනයට පිවිසෙන්නේ හරි අහම්බෙන් වන අතර,

දවසක් එක්තරා ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක විදියට වැඩ කල අයිශ්චර්යාට ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයෙකු මුණ ගැසී තිබෙන අතර,

ඔහු එදා ඇගෙන් රඟපාන්නට කැමතිද කියා අසා ඇති අතර, ඇය පවසා තිබෙන්නේ ඒ වෙලාවේ ඇය රඟපාන්න දන්නේ නැති බවයි.

මොකද ඒ කාලේ ඇය කැමරාව තුළ හැසිරීමට නොදන්නා කම නිසා ය. ඒ වුණත් පසුව තිර පරීක්ෂණයට ගිය අයිශ්චර්යාව ඒ සඳහා තෝරාගෙන ඇති අතර, අන්න එහෙම තමයි ඇගේ රංගන දිවිය ආරම්භ වන්නේ.

“ගෞතම්” දමිළ සිනමාපටයේ ද හරි අපූරුවට අයිශ්චර්යා රඟ පා ඇති අතර, 2019 හොඳම රංගන ශිල්පනියට හිමි සම්මානය ඒ වෙනුවෙන් ඇයට ලැබිණි.

“අඩෝ” ටෙලි නාට්‍යයයේ ද ඇය රඟ පා ඇති අතර, මේ වෙද්දී “පොදු” නාට්‍යයේ “ප්‍රියා” විදියට හරි අපූරුවට රඟපාන්නේ ද අයිශ්චර්යා යි.

ඇත්ත ජීවිතේ වගේම “ප්‍රියා” කියන්නේත් හරිම අහිංසක චරිතයක් කියලයි අයිශ්චර්යා නම් කියන්නේ. ඒ වගේම ආදරේට ගොඩාක් ආදරේ කරන අයිශ්චර්යා මෙන්න මේ වගේ හරි අපූරු කථාවක් තමයි කියන්නේ නම්,

“මට ගොඩාක් ආදරේ කරන කෙනෙක්ට මාත් ගොඩාක් ආදරෙයි. මං හරිම සංවේදි චරිතයක් වන අතර, ඒ වුණත් කේන්තිත් යනවා මට.

මගේ හොඳම යාළුවෝ පවා මගෙත් එක්ක තරහා වෙන්නේ නැත්තේ මං කේන්ති ගන්නේ සාධාරණ හේතුන් නිසා බව ඒ ගෝල්ලෝ දන්න නිසා.

ඒ වගේම මගේ ආදරෙත් හරිම ලස්සනට ගලාගෙන යනවා. මගේ ආදරේට හමු වුණේ මගේම ඥාතියෙක්. එයා මගේ දුක සැප හැමදේම හොයලා බලනවා. හරිම ආදරණීයයි”, කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button