අහුලගත්ත ගොසිප්

පුෂ්පිකා ද සිල්වා ගැන යුරේනි කීවා අමුතු කතාව

රංගනයට, නිවේදනයට, නර්තනයට, නිරූපණයට යන සියලුම කලා අංශයන්ගෙන් දස්කම් දක්වන අති දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ.

ටෙලි නිර්මාණයන්ට අමතරව ගීත රූප රචනා , වෙළෙඳ දැන්වීම් හරහා ද නිතර දක්නට ලැබෙන ඇය සමාජ මාධ්‍යයන් තුල ද නිතර කතාබහට ලක්වන, පුවත් මවන සුරූපිනියක් කිව්වොත් නිවැරදියි.

ඇඳුම් විලාසිතාවන් නිසා පසුගිය දිනවල සමාජ මාධ්‍යන් කැළඹ වූ ඇය පිළිබඳව මේ දිනවල කතා බහට ලක්ව තිබෙන්නේ මුහුණු පොතේ ඇය විසින් පළකර තිබූ ලිපියක් නිසයි.

ඒ පසුගිය දිනවල මුළු ජාත්‍යන්තරයේ ම අවධානයට ලක් වූ ලෝක විවාහක රූ රැජිණ කිරුළ සම්බන්ධවයි. අප රට නියෝජනය කරමින් එහි පෙනී සිටි පුෂ්පිකා ද සිල්වා ට කිරුළ අහිමි වීම සම්බන්ධව බොහෝ දෙනා විවිධ මත පළ කර තිබූ අතර,

යුරේනි විසින්ද ඒ පිළිබඳව යමක් සමාජ මාධ්‍යට මුසු කර තිබුණා. මින් පෙරද කිරුළ හිස මත පැළඳවීමෙන් අනතුරුව පෙර සිටි විවාහක රූ රැඡින වන caroline jury විසින් සිදුකල යම් කැළඹ වීමකින් පසුව,

කිරුළ පෙනි පෙනී අහිමි වූ පුෂ්පිකාට මෙවර ද කිරුළ අහිමි වීම පිළිබඳව සංවිධායක මණ්ඩලයේ සිටි චන්දිමාල් ජයසිංහ විසින් නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබූ අතර ඒ පිළිබඳව යුරේනි නොෂිකාගේ අදහස වූයේ මෙවැන්නකි.

“මම කිසිම කෙනෙක්ට වරද පටවනවා නෙමෙයි. නමුත් මේ දේ කිව යුතුයි කියලා සිතුනා. මුළු මිලියන 21ක ජනතාව අතරින් ඔබට මිනිසුන්ගේ ආකර්ෂණය, අවධානය ලබන්න, නම කියූ සැනින් මිනිසුන් ඔබව හඳුන්වනවා නම් ඔබ ගොඩක් වාසනාවන්ත විය යුතුයි.

ඒ පිළිගැනීම නිසාවෙන් මේ රට තමන්ගේ ජාතිය නියෝජනය කර ජාත්‍යන්තරයට යන්න ලැබෙනවා කියන්නෙත්, තම මවු රට වෙනුවෙන් ජාත්‍යන්තරයට යවන්න සුදුසු කෙනෙක් පත් කරන්න ඔබට අවස්ථාව හිමිවනවා කියන්නෙත් ඔයාලා සියලු දෙනාම ඉතාමත් වාසනාවන්ත ,පින් වන්ත විය යුතුයි.

එසේ දෙවියන් විසින් හෝ සොබාදහම විසින් දීලා තියෙන ආශිර්වාද වගකීමෙන් සහ තමන්ගේ මව් රටට උපරිම කීර්තියක් ගෙන දෙන ලෙස පාවිච්චි කරන එක අපි සියලු දෙනාගේ වගකීමක්.

තමන්ගේ පුද්ගලික ක්‍රියාවන්, හැසිරීම් ජාත්‍යන්තරයක් ඉදිරියේ පිළිබිඹු වන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රියාවක් ලෙසයි. අපි සියලු දෙනා මීට වඩා වගකීමෙන් කටයුතු කරමු.” ලෙසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button