
මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන ටෙලි නිර්මාණයක් තමයි “මහා විරු පන්ඬු” කියන කියන්නේ. එහි එන “පුම්බකබූතා” නම් චරිතය හරහා ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින ඇය අති දක්ෂ, ජනප්‍රිය ,සුරූපී රංගන ශිල්පිනී රිතූ ආකර්ශා යි.
රංගනයට අමතරව නිවේදනයට ද දස්කම් දක්වන ඇය හිරු නාලිකාවෙන් සති අන්තය හැඩ කරන “ජල්ලි ජකිරි” නම් වැඩ සටහන ඉතා අලංකාරවත් ලෙස ඉදිරිපත් කරනවා ඔබත් නරඹනවා ඇති.
කෙසේ නමුත් මේ වන විට ටෙලි නිර්මාණයන් තුළින් ඇයව එතරම් දක්නට ලැබෙන්නේ නැහැ කිව්වොත් නිවැරදියි. එයට හේතු වශයෙන් රිතූ කියා සිටියේ මේ වන විට ඇය ක්ෂේත්රය තුළ නමක් හදාගෙන ඉවර බැවින්,
මේ වන විට ලැබෙන ආරාධනා තෝරා බේරාගෙන ගුණාත්මක ,හොඳ නිර්මාණයන් පමණක් භාරගන්නා බවයි.
ඒ වගේම මුදල් අරපිරිමැස්මෙන් භාවිතා කරන ඇය වෘත්තීමය රංගන ශිල්පිනියක වුණත් තෝරා බේරාගෙන භාරගන්නා නිර්මාණයන් ගෙන් ලැබෙන මුදල ජීවත්වීමට ප්‍රමාණවත් බවයි කියා සිටියේ.
ඒ වගේම ක්ෂේත්‍රයට පා තබා බොහෝ කලක් වුවත්, කොපමණ දස්කම් පෙන්නුවත් මෙතෙක් නිසි ඇගයීමට ලක් නොවූ ,සම්මානයන්ට පාත්‍ර නොවූ රංගන ශිල්පිනියක වුවත් ඇය සම්මානයන්ට වඩා වටිනා ජනතා සම්මානයෙන් ඉහළින් රැඳෙන රංගන ශිල්පිණියක බව ඔබත් පිළිගන්නවා ඇති.
කොපමණ ප්‍රේක්ෂක ආදර, ජනප්‍රියත්වය හිමි වුවත් එමගින් ඔළුව උදුම්මවා නොගෙන ,පොළොවේ පයගසා ජීවත්වන ඇය තවමත් තනිකඩ දිවියක් ගත කරන අතර හිමිකරුවා මුණගැසුනු පසු නුදුරේදීම විවාහ වීමට බලාපොරොත්තු වන බවයි රිතූ කියා සිටියේ.
ඉතින් කවුරුත් බෙහෙවින් ප්‍රිය කරන මේ යොවුන්, සුරූපී රංගන ශිල්පිනිය රිතූ ආකර්ශා හට අපද සුබ පැතුම් එක් කර සිටිනවා.








