
පසුගිය දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ “ඇය” ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතයට ජීවය එක්කල ඇය මේ වන විට ටෙලි නිර්මාණයන් රාශියක් හරහා තම රංගන දායකත්වය දක්වමින් ප්‍රේක්ෂක ආදරය, ආකර්ෂණය උපරිමයෙන් ලබා සිටින රංගන ශිල්පිනියක ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
රංගනයට අමතරව නිවේදනයට හා නර්තනයටද උපන් හපන්කම් දක්වන ඇය තමයි සුරූපී, යොවුන්, අති දක්ෂ ,ජනප්‍රිය රංගන ශිල්පිනී මහේෂි මධුසංඛා කියලා කියන්නේ.
මේ දිනවල නිර්මාණයන් තුළින් ඇයව වැඩිය දක්නට නොලැබුණත් ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන රංගන ශිල්පිනියක වන ඇය තම පවුලට මුල්තැනදී කටයුතු සිදු කරන බැවින්,
වැඩිය රංගන ආරාධනා බාර නොගෙන අවම වශයෙන් පමණක් නිර්මාණයන් භාරගන්නා බව හා කිසිදිනක රංගනයෙන් සමු ගැනීමට බලාපොරොත්තුවක් නොමැති බවයි කියා සිටියේ.
සැමට ආදර්ශයක් සපයමින් තම සැමියා සමග ඉතා සුන්දර, ආදරණීය යුග දිවියක් ගත කරන මේ සුරූපී රංගන ශිල්පිනිය මේ වන විට ඇය මෙන්ම හුරුබුහුටි කුඩා දරුවන් දෙදෙනකුගේ සාඩම්බර මවක් ද වනවා.
සියල්ලට ප්‍රථම තම පවුලට මූලිකත්වය දී කටයුතු කරන ඇය තම පවුලේ සාමාජිකයින්ගේ විශේෂ දිනයන් කිසිදිනක අමතක නොකරන තැනැත්තියක බවයි අපට දැනගන්න ලැබුණේ.
එම නිසාම තම කුඩා දියණියගේ පළමු වන ජන්ම දිනය ද ඉතා සුන්දර, චාම් අයුරින් සැමරීමට ඇය අමතක කර තිබුණේ නැහැ. ඒ වගේම විවේකයක් ලද සෑම අවස්ථාවකම,
තම ආදරණීය සැමියා හා දරුවන් දෙදෙනා ද සමඟ විනෝදයෙන් කාලය ගත කිරීමට කැමති ඇය එලෙස ගත කරන සෑම අවස්ථාවකම මතක සටහන් ලෙස ඡායාරූපයක් ලබාගෙන ඇයට ආදරය කරන සුවහසක් ප්‍රේක්ෂකයින් සමඟ බෙදා ගැනීම සඳහා සමාජ මාධ්‍යයන්ට මුදා හැරීමටත් අමතක කරන්නේ නැහැ.
ඉතින් එලෙසට පසුගිය දිනකද තම පවුලේ සාමාජිකයින් සමග නිවාඩුවක් ගතකිරීමට ගොස් ලබාගත් සුන්දර ඡායාරූප පෙලක් ඇයට ආදරය කරන ඔබ වෙනුවෙන් අපි රැගෙන එන්න සිතුවා.
ඒත්සමගම ඇයගේ ඉදිරි ගමනට මෙන්ම පුංචි කැදැල්ලට ද සුබ පැතුම් එක් කර සිටින්නත් අපි අමතක කරන්නේ නැහැ.









