
සැමියා සහ බිරිඳ යන දෙදෙනාම රංගන ශේස්ත්‍රයේ නිරතවන යුවලවල් රාශියක් අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්නවා.
ඉතින් ඒ අතර සිටින ඔවුනුත් කලක් පුරාවට නිර්මාණ රාශියකට රංගන දායකත්වය දක්වමින් කලා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා විශාල මෙහෙවරක් ඉටු කළ රංගන ශිල්පීන් යුවළක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
නිරෝෂා හේරත් සහ කුමාර ජයකාන්ත වන මේ ජනප්‍රිය ,අති දක්ෂ ,ප්‍රවීණ රංගන ශිල්පීන් යුවලව නොදන්න කෙනෙක් නැතිතරම්. මේ වන විට බොහෝ කලා තරු විලාසිතාවක් ලෙස විවාහයන් මාරු කලත්,
වසර විසිපහකටත් අධික කාලයක් සැමට ආදර්ශයක් සපයමින් ඉතා සතුටින්, ආදරයෙන් සාර්ථක ලෙස යුග දිවිය ගත කරන මේ ආදරණීය තරු යුවළ මේ වන විට තරුණ වියේ පසුවන දූ දරුවන් තිදෙනෙකුගේ සාඩම්බර මවුපියන් ද වනවා.
රංගන දිවිය මෙන්ම පෞද්ගලික දිවියද සාර්ථක ලෙස සමබරව පවත්වාගෙන යන ඔවුන් කිසි දිනක අනෙකාට නීති රීති ,තහංචි පනවා නොමැතිව එකිනෙකා තේරුම් ගෙන ජීවන ගමන යන බවයි කියා සිටියේ. ඒ වගේම ඇය ඔහු පිළිබඳව කියා සිටියේ,
ඔහු ඇයව තේරුම් ගත් කරුණාවන්ත සැමියෙකු බවත්, ලෝකයාට පෙන්න බොරුවට රඟපෑමක් නොව සැබෑවටම සතුටින් පිරි සාර්ථක පවුල් ජීවිතයක් ඔහුත් සමඟ ගත කරන බවයි ඇය කියා සිටියේ.
ඒ වගේම ඔවුන් රංගනයට අමතරව සාර්ථක ව්‍යාපාරයක් ද ආරම්භ කර පවත්වාගෙන යන බවයි අපට දැනගන්න ලැබුණේ. ඉතින් එදා සිට අද දක්වා ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් එක ලෙස රඳවා ගනිමින්,
ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රයේ යහපැවැත්ම උදෙසා අප්‍රමාණ සේවාවක් ඉටු කරන මේ අති දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පීන් යුවළට හා ඔවුන්ගේ ආදරණීය කැදැල්ලට අපි සුභ පැතුම් එක් කර සිටිනවා.








