
මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන ජනප්‍රියතම රියැලිටි වැඩසටහන වන “හිරු ස්ටාර්” තරගාවලියේ විනිසුරු හසුන හොබවන එකම කාන්තා නියෝජනය වන ඇය,
දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකීය කලා කෙත පෝෂණය කරමින් සංගීත ක්ෂේත්‍රයට නවක තරු දායාද කරන ගුරුවරියක ලෙසද අමිල මෙහෙයක් ඉටු කරන ඇය අති දක්ෂ, ජනප්‍රිය ,ප්‍රවීණ ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනී ලාලිත්‍යා යි.
පුන්සඳ රෑට ඇවිදින් හේනේ ,සුදු ඇත් පොව්වෙක්, සිනා තොටක් විය,සිත ඔබට මුවාවී ,සඳ රාජිනි… වැනි ගීත රාශියක් හරහා ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින ඇය හට සිංහල භාෂාවට අමතරව දමිළ, මලයාලම් ,හින්දි වැනි භාෂා රාශියකින් ගීත ගායනා කිරීමේ සුවිශේෂී වූ හැකියාවක් තිබෙන බව ඔබත් හොදින්ම දන්නවා ඇති.
විවාහයෙන් වෙන් ව මේ වන විට තනිකඩ දිවියක් ගත කරන ඇය ප්‍රේමය විඳ මෙන්ම විදවා ද තිබෙන ගැහැනියක ලෙස කියා සිටියේ බොහෝ දෙනකු ඇයට ලන් වුනේ ඇය සතු දෑ ලබා ගැනීමේ අරමුණින්, ගනුදෙනුවක් ලෙස බවයි.
ඒ වගේම දෙවන ,තෙවන ප්‍රේමය එලෙස වුවත් ඉතා සුන්දර ,පිවිතුරු ප්‍රථම ප්‍රේමයකට උරුමකම් කියා ඇති ඇයගේ ප්‍රථම ප්‍රේමය හිමිව ඇත්තේ වයස අවුරුදු විස්සක් වැනි යොවුන් වියේදී බවත්,
ඔහු දමිළ ජාතික තරුණයකු බවත් ,එකල රටේ පැවති අයහපත් තත්වය නිසා හා ජාති ආගම් වල පැවති ගැටලුකාරී තත්ත්වයන් නිසාත් දෙමව්පිය විරෝධය හේතුවෙන් වෙන්වන්නට සිදු වන ඔවුන්ට අද වැනි රටක් එදා තිබුණ නම් අනිවාර්යෙන්ම ඔහු හා විවාහ වන බවයි ඇය කියා සිටියේ.
ඒ වගේම ඔහු ප්‍රේම කළේ නිරෝෂා විරාජිනී නම් ගායිකාවට නොව සැබෑ නිරෝෂා විරාජිනියට බවයි ඇය කියා සිටියේ.
එලෙස හැලහැප්පීම්, සිත් පීඩා මැද මෙතරම් දුරක් පැමිණ මේ වන විට ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ රැඳෙමින් කලාව පෝෂණය කරන ඇයට ඉදිරියටත් මෙහෙවරක් ඉටු කිරීම සඳහා ශක්තිය, වාසනාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කර සිටිනවා.








