පවුලේ කොල්ලො 3 දෙනෙකේ ඉන්නේ. කාන්තා චරිතය නිසා අම්මට දුවෙක් හිටියනම් කියලා හිතුණා “මිහිර”

රංගනයට උපන් හපන්කම් කියන අපේ රටේ සිටින කාගෙත් ආදරය දිනා සිටින නිහතමානි සුන්දර චරිතයක් වශයෙන් රංගන ශිල්පි මිහිර සිරිතිලක හදුන්වන්නට පුළුවන්.
රිදි තීරය තුළ මෙන්ම පුංචි තිරය තුලද විවිධ චරිත රග දක්වමින් ප්‍රෙක්ෂකයා හමුවට පැමිණි අපුරු චරිතයක් වශයෙන් මොහුව හදුන්වන්නට පුළුවන්.
රංගන කටයුතු වලදී ඔහු පිරිමි චරිත වලට වඩා කාන්තාවක් සේ හැඩ ගැන්වී කාන්තා චරිත රග දැක්වීම නිසා බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඔහුට හිමි වන අතර ඔහු ඒලෙස කාන්තා චරිත රග දැක්වීමට ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙකු වනවා.
මොහු ප්‍රහසනාත්මක රංගනයන් සදහා වැඩි නැඹුරුතාවක් දන්වන නිසා මොහුගේ රංගන කටයුතු වලට බොහෝ දෙනා ඉත්මාත් ප්‍රිය කරනු ලබනවා.
හිරු නාලිකාවේ විකාශය වන ත්‍රී සිස්ටර්ස් වැඩසටහනේ මොහු කාන්තාවක් සේ දක්වන රංගනය ඉතාමත් සුවිශේෂි වන අතර බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් නැරඹු වැසටහනක් සේ ඒය පෙන්වා දිය හැකි වේ.
රංගන ශිල්පි මිහිර සිරිතිලකගෙන් ඔහු පළමු වරට කාන්තා චරිතයක් නිරුපණය කිරීම සම්බන්ධව කරුණු විමසිමේදි ඔහු කියා සිටියේ තමන් කාන්තා චරිතයක් මම මුලින්ම රග දක්වනු ලැබුවේ නරි බුරති කියන වේදිකා නාට්‍යයේ බවයි. මේ චරිතය නිසා ඔහුට බොහෝ ප්‍රතිචාර ලැබුණු බවත් කියා සිටියා.
තමන්ගේ පවුලේ පිරිමි දරුවන්ම තිදෙනෙකු වන නිසා මේ චරිතය දැකිම තුළින් තමන්ගේ මව ඇය තමන්ට දුවෙක් සිටියානම් කියලා සිතු බවත් මිහිර සිරිතිලක මහතා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් හා සම්බන්ධ වෙමින් කියා සිටියා.
ගැහැණු චරිතයක් පිරිමි පුද්ගලයෙකු විසින් සිදු කිරිමේදි තමන්ට දැනුන හැගීම පිළිබද කරුණු විමසිමේදි ඔහු පවසා සිටියේ තමන් මෙතෙකේ දුරට සිදු කරන ලද චරිත වලට වඩා කාන්තාවකගේ චරිතය නිරූපණය කිරීම තුළ වෙනසක් දැනුණ බවත්,
නළුවෙක් විදිහට චරිතයක් නිරූපණය කරන්න දුන්නම ඒ චරිතය පිළිබඳ අධ්‍යයනයක යෙදීම අනිවාර්යය බවත්, එම කාන්තා චරිතය තමන් ඉතාම ගෞරවයෙන් නිරුපණය කළ බවත් ඔහු මෙම අදහස් දැක්වීමේදි කියා සිටියා.
විස්තර ලබා ගැනීම ‘සරසවිය’ ඇසුරෙනි








