අහුලගත්ත ගොසිප්

“ගොඩක් පිරිමි ළමයින්ට පැටලෙනවා. මොකද එයාලා එකපාර මූණ දිහා බලන්නේ නැති නිසා”

අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලි නාට්‍ය අතරින් මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන මල් පිපෙන කාලය ටෙලිනාට්‍ය ඔහු ප්‍රේක්ෂක පිරිසක් අමතක නොකර නරඹන සුන්දර ටෙලි නාට්‍යයක් වශයෙන් පෙන්වා දීමට හැකි අතර,

එම ටෙලි නාට්‍යය බොහෝ දෙනා නරඹන්නට සහ එහෙම එම නාට්‍යයට සුන්දරත්වයක් එක් කරන්නට සමත් වූ නවක රංගන ශිල්පිනියන් සහ ශිල්පීන් ගණනාවක්ම මෙම කතා මාලාව තුළ දැක ගැනීමට හැකි වනවා.

ඒ අතරින් සුවිශේෂී චරිත දෙපළක් වන මල් පිපෙන කාලය ටෙලිනාට්‍ය හැඩකරන පිණිමුතු සහ නිල්නෙතු  චරිත ද්විත්ව රසික රසිකාවියන්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ චරිත  වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්.

මෙම පිනිමුතු සහ නිල්නෙතු චරිත දෙපළ නිරූපණය කරනු ලබන්නේ නවක රංගන ශිල්පිනියන් දෙපලක් වන අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද වන නිවුන් සහෝදරියන් දෙපළයි.

ඔවුන් දෙපළගේ ප්‍රථම ටෙලි නාට්‍ය රංගනය වන්නේ ද මෙයයි. නර්තනයට උපන් හපන්කම් දක්වන මොවුන් දෙපළ යූ ටියුබ් නාලිකාව ඔස්සේ ඊට නර්තන ඉදිරිපත් කරන අතර ඔවුන්ට ඉතාමත් ඉහළ ජනප්‍රියත්වයක් මේ නිසා හිමි වී තිබෙනවා.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන මොවුන් දෙපලට රංගනය අලුත් අත්දැකීමක් වන නිසා  රංගනයෙන් ඉදිරියට යාමට බලාපොරොත්තු වී සිටින නිසා සිටින්නේ නිසා ඉදිරියේ දී ඉදිරියේදී රංගන කටයුතු පිළිබඳ හැදෑරීම් කටයුතු කරන බව ඔවුන් දෙපළ පවසා තිබුණා.

නිවුන් සහෝදරියන් දෙපාරක් වන මොවුන්ගේ සුන්දර රූ සපුව එක හා සමාන වන නිසා විවිධ අවස්ථාවලදී වූ සිදුවීම් මතක් කරමින්  ඔවුන් දෙපළ කියා සිටියේ බොහෝ දෙනාට අදටත් ඔවුන් දෙපළ  හරිහැටි තෝරා ගන්නට නොහැකි වන බවයි.

උපුටා ගැනීම් –

ගොඩක් පිරිමි ළමයින්ට පැටලෙනවා. මොකද එයාලා එකපාර මූණ දිහා බලන්නේ නැති නිසා එයාලට අප දෙදෙනාගේ පැහැදිලි වෙනස්කම් හඳුනගන්න අපහසුයි. ”

පුංචි කාලේ අක්කා යාළු වුණු පිරිමි ළමයෙක් එයා මඟහහැරලා ගියාම ඒ පිරිමි ළමයා රැවටිලා මගේ පස්සෙන් ඇවිත් මාත් එක්ක කතා කළා.  ඒවගේ අපූරු සිදුවීම්වලට මුහුණදීලා තියෙනවා. ”

අප දෙදෙනාගේ බැඳීම කොච්චරද කියනවා නම් අප දෙන්නට අපව නැතුව බැහැ. අපට දෙවියෝ දුන් හොඳම තෑග්ග අප දෙන්නයි. ”

උපුටා ගැනීම් අවසන් ‘හදගැස්ම’ ඇසුරිනි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button