අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

“ගොඩක් අය වගේම මමත් දරු පැටියෙක් ගේ මූන බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

රසික හදවත් ඉතාමත් ඉහළින් දිනාගැනීමට සමත් වූ දක්ෂ තරුණ රංගන ශිල්පිනියක් වශයෙන් රුවන්ගි රත්නායක පෙන්වා දෙන්නට පුළුවන්.

ඉතාමත් කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පුංචි තිරයේ සීමිත නිර්මාණ ප්‍රමාණයකින් දැකගැනීමට හැකිවන නමුත් ඇයගේ රංගන හැකියාව නිසාම බොහෝ රසික පිරිසක් ඇය වෙත රඳවා ගන්නට තරම් අය සමත් වුණා.

පුංචි තිරය තුළ සිනමාව තුලත් රුවන්ගි ගේ රංගන හැකියාව කොතරම් ද යැයි ඇය පෙන්වා දී ඇති අතර ඇය රංගනයෙන් දායක වූ සුන්දර සිනමාව අපට ජනනායක අදටත් වෙනත් රසික රසිකාවියන් ගේ කතාබහට ලක්වන නිර්මාණ බවට පත් වුණා.

විවාහයත් සමඟ රංගන කටයුතුවලින් තරමක් ඈත්වී සිටින නමුත් සම්පූර්ණයෙන්ම රංගන කටයුතුවලින් අෑත් වී නොමැති බවත් එම කටයුතු සඳහා යම් යම් සීමාවන් පනවා ගෙන ඇති බවත් ඇය තම අදහස් පළ කිරීමකදී කියා සිටියා.

වසර කිහිපයකින් රංගන කටයුතු සඳහා සම්බන්ධ නොවුණත් ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් අඩුවක් නොමැති බවත් ඇයව කාටවත් අමතක වී නොමැති බවත් තරුවක් ලෙස ජනතාවගේ ආදරය තමන්ගෙ නාගෙන අවසන් බවත් ඇය කියා සිටියා.

ජනතාවගේ ආදරය වැඩි වශයෙන් දිනා ගැනීමට තමන්ට ෆේස්බුක් ගිණුමක් අවශ්‍ය නොවන බවත් අද වන තෙක් තමන්ට ෆේස්බුක් ගිණුමක් ආරම්භ කර නොමැති බවත් නමුත් ජනතාවගේ ආදරය තමන්ට නොඅඩුව ලැබෙන බවත් වැඩිදුරටත් රුවන්ගි කියා සිටියා.

අද වන විට විවාහක යුවතියක් වශයෙන් කටයුතු කරන ඇය රංගන කටයුතු වලට යම් යම් සීමා පනවා ගනිමින් විවාහ ජීවිතයත් ඉතාමත් සාර්ථක ලෙස ඉදිරියට ගෙන යමින් ඉදිරි දිනයකදී පුංචි දරු පැටියෙකුගේ මුහුණ බැලීමේ බලාපොරොත්තුවෙන් සහ ආසාවෙන් සිටින බවත් ඇය කියා සිටියා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button