අහුලගත්ත ගොසිප්

පුෂ්පිකා රෝසිගේ පැටිකිරියත් හෙළි කරයි

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ නිතර කතාබහට ලක්වන, ජාත්‍යන්තරයේ ද අවධානයට ලක්වුණු, ශ්‍රී ලංකාව තුළ ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් තමයි පසුගිය දිනක නිමාව දුටු තිස්පස්වන ලෝක විවාහක රූ රැජින තරගාවලිය කියන්නේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා අවසන් 6 දෙනා අතරට තේරී පත්වුණ අතර ඇය විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළකර තිබුණේ ඇය හතරවන ස්ථානය හිමිකර ගත් බවයි.

ඉතින් ඇයගේ මෙම ප්‍රකාශය පිළිබඳව විවිධ පුද්ගලයින් විවිධ මත දැරුවද සංවිධායක මණ්ඩලය පවසා තිබුණේ අවසන් තිදෙනාට හිමි ස්ථානයන් පමණක් තේරූ බව හා හතර, පහ ,හය යනුවෙන් ස්ථානයන් ප්‍රකාශයට පත් නොකළ බවයි.

එම ප්‍රකාශයත් සමග ඇය පිළිබඳව බොහෝ දෙනාගේ සිතේ තිබූ ප්‍රසන්නතාවයට හානි සිදුවුණා යැයි කිව්වොත් නිවැරදියි. සමාජ මාධ්‍යන් තුල මේ වන විට බොහෝ දෙනා දරන මතය දෙස බැලීමේදී එය ඔබටත් පැහැදිලි වනවා ඇති.

කෙසේ නමුත් මීට වසර තිස් පහකට පෙර ලොව ප්‍රථම විවාහක රූ රැජින කිරුළ හිමිකර ගත්තේ අප රට විසිනුයි. එම ගෞරවය මේ කුඩා දිවයිනට රැගෙන ආවේ රෝසි සේනානායක මහත්මිය විසිනුයි.

ඉතින් පසුගිය දිනක පුෂ්පිකා හා රෝසි සේනානායක මහත්මිය අතර සිදුව තිබූ දුරකථන සංවාදයක් පුෂ්පිකා විසින් පටිගත කර ඇති අතර පසුව එය සමාජ මාධ්‍යන් තුල සංසරණය වීමත් සමග පුෂ්පික හට තවත් අලුතින් චෝදනාවක් එල්ල වී තිබුණා.

මේ පිළිබඳව පසුගිය දිනක ඇය යූටියුබ් වැඩසටහනක් හා සම්බන්ධ වෙමින් අදහස් පළ කරමින් කියා තිබුණේ ඇය එම දුරකථන සංවාදය මැනේජර්ගෙ දුරකථනයෙන් පටිගත කළ බවත්, පසුව එම දුරකථනය අස්ථාන ගත වූ බව හා එයට කුමක් සිදුවුනේ ද යන්න සොයා ගැනීමට නොහැකි වූ බවයි.

ඒ වගේම ඇය කියා සිටියේ එම සිදුවීමට ඇයත් සමඟ ඇය අසළින්ම සිටි පුද්ගලයින්ගේ සම්බන්ධතාවයක් ඇති බවත්, ඇයව තරගයෙන් පරාජය කිරීමට විවිධ කුමන්ත්‍රණ සිදු වූ බව හා මේ සියලු පීඩන හමුවේ මානසිකව ඇද වැටී සිටි ඇය තරගයට පෙර දින බොහෝ හැඩූ බව හා නිදා ගැනීමට ද නොහැකි වූ බවයි.

ඒ වගේම ප්‍රථම වරට කිරුළ හිමිකරගත් රෝසි සේනානායක මහත්මියට ද පුෂ්පිකා විසින් චෝදනා එල්ල කර තිබූ අතර ඇය කියා තිබුණේ ඇය හා පැමිණීමට රෝසි මහත්මියට ආරාධනා කර නොතිබූ බවත්,

පුෂ්පිකා ගේ පෞද්ගලික වියදමින් ඇයට ලක්ෂ 12ක් පමණ දුන් බව හා ඇයටත් සමගම ගුවන් ටිකට්පත් සියල්ලට පුෂ්පිකා විසින් වියදම් දැරූ බවයි.

එදිනට ඇය ඇදීමට සිටි ගවුම ද ගුවන් යානයට දමා නොතිබූ බැවින් එය ද ඇයව වැට්ටවීමට හොඳ මූණ පෙන්වා සිදුකළ කුමන්ත්‍රණයක් බව පවසමින් අවසන් වශයෙන් පුෂ්පිකා කියා සිටියේ දහතුන් වැනි දින රෝසි සේනානායක මහත්මිය සහභාගි නොවුනා නම් ඇයට කිරුළ හිමිකර ගැනීමට හැකියාවක් තිබූ බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button