අහුලගත්ත ගොසිප්

පොලිස් ඇඳුම නිසා රෂි තවමත් තරුණයන්ගේ සිහින කුමරිය වෙලා

දුවිලි අහස ,සිද්ධාර්ථ, නිශාරා, ඉඩෝර වැස්ස, සිහින ගෙනෙන කුමාරියේ… වැනි අතිශය ජනප්‍රිය ටෙලි නිර්මාණයන් රාශියක් හරහා රසික ආදරය ඉහලින්ම දිනා සිටින ඇය තමයි නව පරපුරේ සිටින අති දක්ෂ, ජනප්‍රිය ,සුරූපි, යොවුන් රංගන ශිල්පිනියක වන රශිපබා සංදීපනී කියලා කියන්නේ.

රංගනයට මෙන්ම නර්තනයට හා නිවේදනයට ද උපන් හපන්කම් දක්වන රංගන ශිල්පිනියක වන ඇයගේ නර්තන හැකියාවන් පසුගිය දිනවල හිරු මෙගා “මෙගා ස්ටාර්” වේදිකාව හරහා ඔබට ද දැක ගන්න හැකි වුණා.

රංගනයට ඇති දක්ෂතාවය මෙන්ම දුටුවන් වශී කරවන සුළු සුරූපී රුව, පියකරු සිනහව නිසාම රසික ආදරය, ආකර්ෂණය නොඅඩුව දිනා සිටින ඇයට වැඩි වශයෙන් ඇලුම් කරන්නේ තරුණයන් කිව්වොත් නිවැරදියි.

“ඉඩෝර වැස්ස” ටෙළි නිර්මාණයෙහි ඉතා දුෂ්කර ගම්මානයක ගැමි චරිතයක් නිරූපණය කරන ඇයට ඒ හරහා බොහෝ හොඳ ප්‍රතිචාර හිමි වන බවයි කියා සිටියේ.

කෙතරම් දක්ෂ රංගන ශිල්පිනියක වුවත්, කෙතරම් ප්‍රේක්ෂක ආදරය හිමි වුවත් තවමත් සම්මානයට පාත්‍ර වී නොමැති රෂිපබා කියා සිටින්නේ ඇය සම්මානයන් බලාගෙන රංගනයේ නිරත නොවන බවත්, ඇයගේ රංගනය පිළිබඳව ඇය තෘප්තිමත් වන බව හා ඇය ලද වටිනාම සම්මානය ප්‍රේක්ෂක ආදරය බවයි.

ඒකාකාරී චරිත යන්ට කොටු නොවී විවිධාකාර වූ චරිතයන්ට ජීවය එක් කර ඇති රංගන ශිල්පිනියක වන ඇය රංගනයෙන් දායක වුණු සියලුම චරිතයන්ට හැකි උපරිමයෙන්ම සාධාරණය ඉටු කර ඇති බව ඇයගේ රංගනයන් නරඹන විට ඔබ ද සාක්ෂි දරනු ඇති.

ඒ වගේම පසුගිය කාලයේ ඇය රංගනයෙන් දායක වී තිබූ “රාහු” නම් ටෙළි නිර්මාණයෙහි ඇය ජීවය එක් කර තිබූ පොලිස් නිලධාරිනිය ගේ චරිතයට අදට ද බොහෝ ප්‍රේක්ෂකයින් ප්‍රිය කරන අතර අදටත් මග තොටේදී හමුවන බොහෝ රසික, රසිකාවියන් ඇයට “ඉස්පෙක්ටර්” යනුවෙන් අමතන බවයි කියා සිටියේ.

නිතර දක්නට ලැබෙන ,කතාබහට ලක් වන ඇය රංගනයට පා තබා මේ වන විට වසර හතක් පමණ ගත වන අතර ඇය කියා සිටින්නේ සම්මාන උළෙලවල් හීදී සම්මානයන්ට නිර්දේශ වන ඇතැම් රංගන ශිල්පීන්, ශිල්පිනියන් මින් පෙර දැකලවත් නැති නවකයින් බවයි.

ඒ වගේම ගීත නිර්මාණයන්ට ද දස්කම් දක්වන රශිපබා “ඉඩෝර වැස්ස” ටෙලි නිර්මාණයෙහි තේමා ගීතය ද ඇය විසින් නිර්මාණය කළ ගීතයක් බවයි කියා සිටියේ.

ඉතින් තවමත් අවිවාහක, යොවුන් වියේ පසුවන මේ සුරූපිනිය කෙදිනක හෝ විවාහ වන්නේ ඇයව තේරුම් ගත හැකි, ආදරණීය හදවතක් හිමි තරුණයකු බවයි කියා සිටියේ.

ඉතින් ඔබ අප කවුරුත් බෙහෙවින් ආදරය කරන, වර්තමානයේ බොහෝ තරුණයන් ගේ සිහින කුමරිය වන මේ අති දක්ෂ, සුරූපී රංගන ශිල්පිනිය රශිපබා ගේ ඉදිරි අනාගතයට අපිද ඇයට සුභ පැතුම් එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button