
මේ දිනවල විකාශය වන ටෙලි නිර්මාණයන් අතර බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් වැළඳ ගෙන තිබෙන ටෙලි නාට්යයක් ලෙස දෙරණ නාලිකාවේ විකාශය වන “සංගීතේ” ටෙලි නිර්මාණය හඳුන්වාදෙන්න පුළුවන්.
එහි එන විවිධාකාර වූ සිත් ඇදගන්නා සුළු චරිතයන් අතර “අසෙනි” නම් චරිතයට හිමිව තිබෙන්නේ සුවිශේෂ වූ ස්ථානයක් කිව්වොත් නිවැරදියි.
එයට හේතු ලෙස “අසෙනි”නම් චරිතයට ජීවය එක් කරන ගීත්මා බණ්ඩාර නම් යොවුන් ,නවක රංගන ශිල්පිනියගේ ඇති රංගන දක්ෂතාව මෙන්ම සුරූපී රුව ,කෙළිලොල් ,දගකාර හැසිරීම් රටාව බෙහෙවින් ඉවහල් වී ඇති බව නම් නොරහසක්.
එම නිසාම මේ වන විට ඇය වටා රොද බැඳගෙන සිටින රසික රසිකාවන් මෙතෙකැයි කියන්න බැරිතරම්. ඉන් වැඩි ආකර්ෂණය දිනා සිටින්නේ තරුණයන්ගෙන් කිව්වොත් නිවැරදියි.
ඉතින් අද අපි කතා කරන්නේ සූදානම් වෙන්නේ මේ දිනවල බොහෝ තරුණයන්ගේ සිහින කුමරිය වී සිටින අති දක්ෂ ,යොවුන් ,සුරූපී, ජනප්රිය රංගන ශිල්පිනි ගීත්මා බණ්ඩාර පිළිබඳවයි.
මව, පියා හා බාල සොහොයුරකු ගෙන් යුත් පවුලේ එකම දියණිය ලෙස හොරණ ප්රදේශයේ උපත ලබා ඇති ඇය මේ වන විට උසස් අධ්යාපනය හදාරන බවයි අපට දැනගන්න ලැබුණේ.
ඒ වගේම රංගනය තුළ දී නිතර දක්නට ලැබෙන,සෑම නිර්මාණයක්ම භාරගැනීමට අකමැති ගීත්මා කියා සිටින්නේ නිර්මාණයක් තෝරා ගැනීමේදී ඇය බොහෝ දේ පිළිබඳව සැලකිලිමත් වන බවත්,
ලැබෙන ආරාධනා සියල්ල භාර නොගන්නා බව හා අසංවර ඇඳුමෙන් සැරසී සිටීමට අකමැති බැවින් රංගනයට ලැබෙන චරිතයන්ට එවැනි කෙටි, අසංවර, ශරීරය නිරාවරණය වන ඇඳුමින් සැරසී සිටීමට සිදුව තිබුණහොත් එම චරිතයන් භාර නොගන්නා බවයි.
ඉතින් ඔයාල හැමෝම ගොඩක් ආදරේ කරන මේ සුරූපී රංගන ශිල්පිනියගේ ඉදිරි අනාගතයට සුභ පැතුම් එක්කරමින් අපි අද ඔබවෙත රැගෙන ආවේ ඇයගේ සුන්දර ඡායාරූප එකතුවකුයි.








