අහුලගත්ත ගොසිප්

තවමත් කෙල්ල වගේ හැඩට ඉන්න ආස වාසනා කියූ කතාව

විටෙක ඇය මෝස්තර නිරූපිකාවකි. එලෙසින් කලාවට පැමිණි ඇය නමින් වාසනා දන්තනාරායන යි. අදටත් තම සුන්දරත්වය රැකගන්නට සමත් වන්නාවූ ඇය ෆැෂන් කරලා ඉන්න හරිම ආස චරිතයක් වනවා.

ඉතින් වාසනා කියනවා,

“මම මැරෙනකම්ම ආසයි ෆැෂන් කරන්න. මම මොන ඇඳුම ඇන්දත් මම ඒක කරන්නේ ෆැෂන් එකක් විදියට යි. මගේ පෞද්ගලික මතය තමයි, අඳින පළඳින විදිය විතරක් නෙවෙයි,

අපි කෙනෙක් එක්ක කථා කරන විදිය හැසිරෙන විදිය කොණ්ඩේ පීරන විදිය කථාබහ කරන විදිය වගේ මේ දේවල් හැමදේම “ෆැෂන්” එකක් විදියට තමයි මම නම් දකින්නේ.

මේ හැමදේම තුළින් අපූරු අනන්‍යතාවයක් අපිටම කියලා ගොඩනඟාගන්නටත් පුලුවන්. අනික ගැහැණු පිරිමි කියලා ඒකට භේදයක් නෑ නේ” කියලත් වාසනා කියන්නේ හරි අපූරුවටයි.

වාසනා කුඩා අවදියේ ඉදන්ම හරි ආසයිලු ලස්සනට අඳින්න පළඳින්න එහෙම. ඉතින් පුංචි කාලේ ඉදන්ම ඇය ගෙදර අය ඉස්සරහ නිරූපිකාවක් විදියට රඟපාලා තියනවා.

ඉතින් ඇය කුඩා කලේ ඉදන්ම “ලස්සන” කියන දේ දැකපු කෙනෙක් විදියට හඳුන්වන්ට පුලුවන්. ඉතින් වාසනා මෙන්න මෙහෙමත් කියනවා, “මම හිතන්නේ ෆැෂන් කියන දේ තුළ තියෙන්නේ යම් කිසි අනුකරණයක්.

මුළු ලෝකයටම ඒක පොදු ධර්මතාවයක්. මම පුංචි කාලේ රෝසි සේනානායක මහත්මියව දකිද්දී මට ඒ කාලේ හිතුණේ, මම ඇය වගේ වෙනවා කියලා.

ඇය වගේ අපේ රටට කීර්තියක් ගේනවා කියලා. ඉතින් ඒ විදියට අඳින්න පළඳින්න මම ආස කලා. ඉතින් මම කුඩා කාලේ ඉදන්ම ඇය වගේ වෙනව කියලා අදිටන් කරන් හිටියා” කියලත් ය.

කවුරුහරි කෙනෙක් ලස්සනට පිළිවෙලකට පිරිසිදුවට ඉන්නවා කියන්නේ, ඒකේ ප්‍රතිලාභය ලැබෙන්නේ තමන්ටමයි. ඉතින් “මම මාව කණ්ණාඩියෙන් බලන හැම වාරයක් වාරයක් පාසාම “ලස්සන” කියන දේ මගේ හඳවතට හරි අපූරුවට දැනෙනවා.

ඉතින් නොදැනීම හිත තුළ අමුතු ආත්ම විශ්වාසයක් ගොඩ නැඟෙනවා. ඉතින් ඒ ලැබෙන සතුට ලැබෙන්නේ තමන්ගේ හදවතින්ම යි. ඉතින් ලස්සනට ඉද්දී ගොඩාක් දෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාරයන් තමයි ලැබෙන්නේ.

මගේ යාළුවෝ පවුලේ ආදරණීයයන් හැමෝම නිරතම මට, “වාසනා හරි ලස්සනයිනේ” කියලා කියද්දී මට තව තවත් ලස්සනට ඉන්න හිතෙනවා.

ඉතින් දැන් නම් මට ලස්සනට අඳින්න පළඳින්නට උදව් කරන්නේ මගේ ආදරණීය දියණියයි මගේ ආදරණීය ස්වාමි පුරුෂයයි” කියලත් කියන්නට වාසනා අමතක කරේ නම් නෑ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button