
ඇය ඉගෙනීමට උපන් හපන් කමක් දක්වන අපූරු සුන්දර තරුණියකි. ඇය විටෙක කලාකාරියකි. තවත් විටෙක අපූරු නිරූපණ ශිල්පිනියකි. තාරුණ්යයේ මුල් අවධියේ සිටින ඇය පුංචි දොස්තර නෝනා කෙනෙක්.
ඔන්න ඉතින් මේ දවස්වල මුහුණු පොතේ හොයන මේ පුංචි දොස්තර නෝනා කවුද කියලා අපිත් බැලුවා. ඉතින් මේ පුංචි දොස්තර නෝනා මුහුණු පොතේ හැමෝවම අසනීපකාරයෝ කරනවාලු.
ඇත්තටම කවුද මේ?
ඇය තමයි කලාවට ද බොහෝම ලැඳිකමක් දක්වන උපේක්ෂා විජයවර්ධන පුංචි දොස්තර නෝනා. උපේක්ෂා විජයවර්ධන කියලා කියන්නේ, තවමත් විශ්ව විද්යාලයේ පළමු වසර ඉගෙන ගන්නා දක්ෂ වෛද්ය ශිෂ්යාවක වනවා.
විශ්ව විද්යාලයේ පළමු වසරේ ඉගෙන ගන්නා මේ පුංචි දොස්තර නෝනා උපේක්ෂා, කලාවට හරිම ලැඳි කෙනෙක්. ඉතින් ඇය වෛද්ය ක්ෂේත්රයට විතරක් නෙවෙයි, කලාව පැත්තෙන් නිරූපණ ක්ෂේත්රයේ වාගේම, කලා ක්ෂේත්රයේ ද දක්වන්නේ සුවිශේෂී දක්ෂතාවයකි.
ඔන්න ඉතින් දවසක් දා උපේක්ෂා මේ පුංචි දොස්තර නෝනා ඇගේ අපූරු නිරූපණ හැකියාවන් පිළිබිඹු කරන අපූරු ඡායාරූප පෙළක්, සමාජ මාධ්යයන් හරහා උඩුගත කර තිබෙනවා.
ඉතින් ඒ විතරක් නෙවෙයි විටින් විටින් එවැනි අපූරු ඡායාරූපයන් සමාජ මාධ්යයන් ඔස්සේ දැකගන්නට අවස්ථාවන් ඇය විසින් සලසා තිබෙනවා. ඔන්න ඉතින් දවසක් දා හදිසියේම මේ පුංචි දොස්තර නෝනා, තම උසස් අධ්යාපනය හදාරන විශ්ව විද්යාලය තුළ දී, “වෙද නලාවක් පැලද සිටින” හරි අපූරු ඡායාරූපයක් අරගෙන තියනවා.
ඉතින් මේ හරි අපූරු ඡායාරූපය ඉතාමත් ක්ෂණයකින් සමාජ මාධ්යන් ඔස්සේ කා අතරත් ජනප්රිත්වයට පත්වන්නට වූ අතර, ඉතින් මේ පුංචි දොස්තර නෝනා උපේක්ෂාගේ ඒ අපූරු ඡායාරූපය නිසාම සමාජ මාධ්යයන් පවා කලඹන්නට වූවා.
ඉතින් හදිසියේම ගත් මේ අපූරු ඡායාරූපයට උපේක්ෂාගේ ආදරණීය රසික රසිකාවියන් විසින් අති විශාල සුභපැතුම් ගොන්නක් යොමු කරන්නට අමතක කර නම් නෑ.
ඉතින් ඒ අතර විවිධාකාර සුභ පැතුමන් තිබිලා තියනවා වගේම, උපේක්ෂා මේ පුංචි දොස්තර නෝනා නම් කියන්නේ, “ඒ අපූරු සුභපැතුමන් දැකපු ඇගේ හිතට පුදුමාකාර සතුටක් දැණුනා කියලත්.
ඇය විසින් ස්වෝත්සාහයෙන් මහන්සි වී ධෛර්යමත්ව වැඩ කටයුතු කරපු නිසාත්, කාලයෙන් උපරිම ප්රයෝජන ගත් නිසාත්, “කලාව පැත්තෙන් වගේම වෛද්ය ක්ෂේත්රය පැත්තෙන්” ද, ජීවිතේ මේ වගේ තැනකට එන්නට ඇයට හැකි වුණා” කියලත් ය.










