
කියාදෙන්න ආදරය තරම් ටෙලි නාට්‍ය කියනනේ මේ දින වල ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත් ඉහළින් දිනා ගනිමින් විකාශය වන ඉතාමත් සුන්දර ටෙලි නාට්‍යයක් වනවා.
මෙම ටෙලි නාට්‍ය තුල ද නවක මුහුණු කිහිපයක්ම දැක ගැනීමට හැකි වන අතර මෙහි දැක ගත හැකි නව පරපුරේ තවත් එක් රංගන ශිල්පියෙකු වශයෙන් චරිත් මධුරංග පෙන්වා නේනට පුළුවන්.
කියාදෙන්න ආදරය තරම් ටෙලි නාට්‍ය තුල ඉන්න ටිකක් චණ්ඩි චරිතයක් ලෙස මේ දින වල කාගෙත් අවධානයට හා යොමු චරිතයක් ලෙස නදුන්ගේ චරිතය පෙන්වා දෙන්නය පුළුවන්.
මෙම ටෙලි නාට්‍යය තුළ දුෂ්ට නපුරු චරිතයක් නිරූපණය කරන ඔහු මේ දිනවල චරිතය නිසාම ප්‍රේක්ෂකයන්ගෙන් තරමක් බැනුම් අසන බව ඔහු පවසා තිබුනා.
චරිතයට දුෂ්ට නපුරු චරිතයක් වුවත් සැබැවින්ම අහිංසක නිහතමානී තරුණයෙකු වන මොහු කුඩා කාලයේ සිටම කලාවට සම්බන්ධ වීමට දැඩි කැමැත්තෙන් සිටි කෙනෙකු වන අතර,
විවිධ නාට්‍ය තරගාවලිය ඔස්සේ හොඳම නළුවාට හිමි සම්මාන ගණනාවකින් ද පිදුම් ලබන මොහු රංගන ශිල්පීයෙකු අධ්‍යක්ෂක වරයෙකු වීමට දැඩි කැමැත්තෙන් පසුවන දක්ෂ තරුණයෙකු වේ.
චණ්ඩියෙකු ගේ ගෝලයෙකු ලෙස ඔහුට ලැබුණු මේ චරිතය නිසා සමාජ මාධ්‍ය තුළ ප්‍රේක්ෂකයා නිරන්තරයෙන් ඔහුට විවිධ දේ පවසමින් හරීන් අවස්ථා ගණනාවක් තිබෙන බවත්,
තමන්ට එසේ ප්‍රතිචාර ලැබෙන්නේ තමන්ට ලැබුණු චරිතයට සාධාරණයක් ඉටු කරමින් රංගනයේ යෙදෙන නිසා බවත් ඔහු මතක් කර සිටියා.
පැමිණි රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමඟ එක්ව වැඩ කටයුතු කිරීමට ලැබීම තමන්ට ලැබුණු විශාල අත්දැකීමක් බවත් කණ්ඩායමක් ලෙස සියලු දෙනාම සහයෝගයෙන් මෙම ටෙලි නාට්‍යයේ සිදුකරන බවත් ඉතාමත් සතුටින් මතක් කර සිටියා.
කලාවට සම්බන්ධ වෙමින් තවත් අත්දැකීම් ලබා ගනිමින් ඉදිරියේදී කලා කටයුතුවලට සම්බන්ධ වීමට සිතා සිටින බවයි,
රංගනයෙන් පිටපත් රචනයෙන් සහ අධ්‍යක්ෂක කටයුතු වලට අවතීර්ණ වෙමින් හෙමින් ලස්සන ගමනක් යාමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු තම අදහස් දැක්වීමට දී ප්‍රකාශ කර තිබුණා.
නවක රංගන ශිල්පියකු වශයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසී මොහු ඉතාමත් කෙටි කාලයක් තුළ මෙරට ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රතිචාර ගණනාවක් ලැබීමට සමත් දක්ෂ රංගන ශිල්පියෙකු වන අතර,
ඉදිරියේදී ඔහුගේ කලා කටයුතු සාර්ථක කරගනිමින් දක්ෂ රංගන ශිල්පියකු වීමට ඔහුට අවස්ථාව ලැබේවා කියා ප්‍රේක්ෂක අපි හදවතින් ඔහුට සුබ පැතුම් එක් කරමු








