“බ්‍රේක් එක වෙනුවට ඇක්සලේටර් එක පෑගුනේ” ටීම් එක නැත්නම් මං පාලමෙන් පල්ලෙහාට වැ ටෙන්න තිබ්බා

සිරස ටීවි මඟින් විකාශනය කල “පෙන්ටතලන්” ප්‍රොග්‍රෑම් එක හරහා ජනප්‍රියත්වයට පත් ඇය තමයි, “චානු දිසානායක” කියලා කියන්නේ.
මේ වෙද්දී චානු සිරස ටීවී හි ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කරනවා විතරක් නෙවෙයි, මහාරාජා සමූහය සතු ඒ.එෆ් ජෝන්ස් ආයතනයේ තේ රස බලන අංශයේ කළමනාකාරිත්වය ද හොබවනවා.
ඉතින් මෙවැනි වෘත්තීයක නියැලී සිටින චානු මේ වෙද්දී රංගන ක්ෂේත්‍රයට ද පා තබා තිබෙන අතර, ඒ සිනමාව හරහා යි. මාතර ප්‍රදේශයේ උපන් චානු උසස් අධ්‍යාපනය සඳහා කොළඹ සරසවියට තේරී පත් වන අතර, චානු ඇගේ උපාධිය ලබා ගැනීමෙන් පසුව, සිරස ටීවී හි තිර පරීක්ෂණයට සම්බන්ධ වනවා.
ඉතින් ඊට පස්සේ සිරස ආයතනය මඟින් චානුව රැකියාවට බඳවා ගන්නා අතර, චානුට “සිරස පෙන්ටතලන්” වැඩසටහන කරන්නට සිදු වනවා.
ඉතින් ඒ අභියෝගය හරි අපූරුවට ජයගත් චානු එතන ඉදන් නොබියව නෙසැලෙන උත්සාහයෙන් ඇගේ ගමන අරඹනවා. “ප්‍රවෘත්ති නිවේදිකාවක කියලා කියන්නේ, තිරය ඉදිරියට ගිහින් ප්‍රවෘත්ති කියන එකම නෙමෙයි.
මේ චරිතය කරන්න ගොඩක් අත්දැකීම් ගන්න වුණා. මිනිස්සු සමඟින් ගැටෙන්නට සිද්ධ වුණා. අලුත් අලුත් තොරතුරු සොයන්නට සිදු වුණා. ජීවිතේ හැරවුම් ලක්ෂය තමයි, “යූ ටර්න්” කියලා කියන්නේ” කියලත්, චානු හරි අපූරුවට කියනවා.

ඔන්න ඉතින් “යූ ටර්න්” එකේ චානු රඟපෑ චරිතෙත් එක්ක චානුට හරි හරි වැඩ තමයි වෙලා තියෙන්නේ.
“මීට කලින් මෝටර් සයිකල් පැදපු කෙනෙක් නෙමෙයි මම. හැබැයි මේකේ මෝටර් සයිකල් පදින්න තිබ්බා. තාත්තා තමයි මට ඒ දේවල් හරි අපූරුවට පුරුදු පුහුණු කරේ. චිත්‍රපටිය රූගත කිරීම් වලදී, එක දවසකට යූටර්න් එකක් ගන්න තිබ්බා.
ඉතින් ඒ වේලාවේ දි වැරදිලා “බ්‍රේක් එක වෙනුවට ඇක්සලේටර් එක ටච් වුණා”. අම්මෝ ඒ වෙලාවේ අපේ ටීම් එක තමයි මාව බේර ගත්තේ.
එහෙම නැත්නම් මං පාලමෙන් පල්ලෙහාට වැටෙන්න තිබ්බා. වැටුණා නම් එහෙම ලොකූ ඇක්සිඩන්ට් එකක් වෙන්න තිබ්බා” කියලත් චානු හරි අපූරුට කියනවා.
අපි කෙනෙක්ට දෙන ආදරේ වටිනාකමේ තරමටම තමයි ආපස්සට අපිට ආදරේ ලැබෙන්නේ. ඉතින් චානු කියනවා, “කෙනෙක්ට ගෞරවය ආදරේ දෙනවා නම් ඒ දේ අපිට ලැබෙනවා.
අපි දෙන විදිහට අපිට ලැබෙනවා කියලත්, ජීවිතේ කියන්නේ ප්‍රශ්න මැද්දේ යන ගමනක්. අපිට මැරෙනකම්ම ජීවිතේ එක්ක පොර බදින්න වෙනවා.
නිවනින්ම මේ ගමන අවසන් කරන්නට තිබුණොත් ඒක ලොකුම වාසනාවක් කියලත්, සුන්දර වූත් අසුන්දර වූත් කාල වකවානු ජීවිතේ තුළ තියනවානේ” කියලත් චානු දිසානයක ඔන්න ඔහොමයි “ආදරෙයි-ජීවිතෙයි” ගැන කියන්නේ.








