
අපේ රටේ මෙන්ම මුළු මහත් ලෝකයක් පුරාවටම, ආලේඛ්‍ය සිතුවම්කරණයෙන් ප්‍රචලිත දක්ෂ චිත්‍ර ශිල්පිනියක තමයි, ශාමේන් වෝකර් කියලා කියන්නේ.
ශාමේන් ඇගේ හැකියාවන් ඉස්මතු කරගනිමින් Gift from Walker නමින් ව්‍යාපාරයක් ද හරි අපූරුවට කරගෙන යනවා. සාමාන්‍ය පෙළ සඳහා චිත්‍ර විෂයය හැදෑරූ ශාමේන්, උසස්පෙළ විභාගයට නම් කරන්නේ ව්‍යාපාර අධ්‍යනයයි.
උසස් අධ්‍යාපනය සඳහා හදාරලා තියෙන්නේ ද ව්‍යපාර කළමනාකරණයයි. ඒ කොහොම නමුත් ශාමේන්ට 2011 දී චන්ද්‍රගුප්ත තේනුවර ගුරුභවතා යටතේ “විභවි” ඇකඩමියේ චිත්‍ර ශිල්පය හදාරන්නට හැකියාව ලැබෙනවා.
ඇය චිත්‍ර ඉගෙනුම් කටයුතු කරද්දී ඇයට තේරුණාලු ගස්වල පොඩි ඩීටේල්ස් එහෙම ඇයට අඳින්න පුලුවන් කියලා. ඉතින් පෝට්රෙයිටි ඩීටේල්ස් අඳින එක ගොඩක් වැදගත් කියලා කියන ශාමේන් මෙන්න මෙහෙම කියනවා,
“මුහුණේ තිබෙන ඩීටේලස්, හමේ පාට, කොණ්ඩ ගස් එහෙම හොඳට ඇයට අඳින්න පුලුවන්. ඒ හික්මීම ඉවසීම ඇයට තියනවා” කියලා. 2013-2014 කාලේ දී ශාමේන් ඇගේ ව්‍යාපාරය පටන් ගත්තත්, 2016 දී තමයි ලියාපදිංචිය සිඳු කරලා ව්‍යාපාරයක් විදියට කරගෙන යන්නේ.
ඉතින් ශාමේන්, “සමනලී ෆොන්සේකා, සනත් ජයසූරිය” වාගේ අපේ රටේ ප්‍රසිද්ධ චරිතයන්ගේ චිත්‍රත් ඇඳලා තියනවාලු. ශාමේන් ව්‍යාපාරය පටන් ගන්න කාලේ පෝට්රෙයිට් වලට ලොකු මාර්කෝ එකක් තිබිලා නම් නෑ.
මේ කාලේ දී ශාමේන් දැකලා තියනවා, ලංකාවෙන් පිටත දී විදෙස් ශිල්පීන්ට, පැන්සලෙන් අඳින ආලේඛ්‍ය සිතුවම් කලාවට ලොකු තැනක් තියෙනවා කියලා.
ඉතින් ඒ හැමදේම ඇගේ ව්‍යාපාරය පටන්ගන්නට රුකුලක් වෙලා තියනවා. ශාමේන් ඉගෙන ගත් ව්‍යාපාර කළමනාකරණ උපාධිය ඇයට පිටිවහලක් වෙන්නේ මෙන්න මේ විදියටයි.
ඒ “ඇගේ ව්‍යපාරයට නමක් හදාගන්නට. ලංකාවේ ඇතුළේ කොහොමද මාර්කට් කරන්නේ” වාගේ දේවල් වලට. ඔය කාලේ දී අපේ රටේ ඔන්ලයින් මාර්කට් එක හැදීගෙන එන කාලයයි. ඒ දැනුමත් ශාමේන් තුළ තිබිලා තියනවා.

ඉතින් ඇගේ එෆ් බී එකෙන් ඇගේ චිත්‍ර අලෙවි කරන්නට ශාමේන් පටන් ගත්තාලු. පහුගිය කොවිඩ් එකත් එක්ක ගොඩාක් බිස්නස් බිඳ වැටිලා තියනවා අපේ රටේ වගේම ගෙඩාක් රටවල.
ඉතින් ශාමේන් කියනවා,
“ඒ වැටෙන ප්‍රශ්න මෙනවාද යන්න හඳුනාගෙන ඇගේ බිස්නස් එක දියුණු කර ගත්තා” කියලා. කාන්තාවක් විදියට මේ ක්ෂේත්‍රයේ මේ තරම් දුරක් ඇයට එන්නට හැකිවේ යැයි ඇය කිසිදා සිතුවේ නැති ලු.
හැබැයි හිතේ දැඩි අධිෂ්ඨානයක් තිබ්බාලු ඇය දන්න දෙයින් ඇයට පුලුවන් උපරිම දුර යනවා කියලා. විදේශීය ඇනවුම් පවා දැන් ශාමේන්ට ලැබෙනවා ලු.
දැනට ශාමේන් රටවල් 20-25කට පෝට්රෙයිට් යවලා තියනවාලු. මේ තියන කොවිඩ් එකත් එක්ක, අපේ රටෙන් ජාත්‍යන්තරතලයට ව්‍යාපාරය කොහොමද ගෙනියන්නේ කියා හීන දකින ශාමේන් ව්‍යාපාරිකාවක් විදියට අසරණ පවුල් වලට ඉගෙන ගන්න දරුවන්ට උදව් කරන්නට ද අමතක කර නම් නෑ.








