උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශපාලන පුවත්දේශිය පුවත්

මට දැනුම තියනවා දේශපාලනයට එන්න වුනත්. දේශපාලනයට කැමති මාලනි ෆොන්සේකා කියපු කතාව

එදා මෙදා තුර සිනමා වංශ කතාවේ බිහිවූ විශිෂ්ටතම රංගන ශිල්පිනියක වන ඇය සිනමාවේ “නිළි රැජිනිය” යන විරුදාවලියෙන් පිදුම් ලබන්නේද ඇයගේ ඇති රංගන ප්‍රතිභාව නිසාමයි.

ප්‍රවීණ ,අති දක්ෂ ,ජනප්‍රිය රංගන ශිල්පිනී මාලනි ෆොන්සේකා නම් වන ඇය වේදිකාව හරහා රූපවාහිනියට පා තබා ඇති රංගන ශිල්පිනියක වන අතර ඇය එතෙක් මෙතෙක් ලබා ඇති සම්මාන ප්‍රමාණය නම් මෙතෙකැයි කියන්න බැරිතරම්.

දශක ගණනාවක් අතීතයට දිවෙන ඇගේ සිනමා දිවියේ ආරම්භය ලියැවී ඇත්තේ කිසා ලියන්සූරියන් ගේ “පුංචි බබා” සිනමාපටයෙනුයි. ඒ 1968 වර්ෂයේ යි.

ඉන් වසරකට පසු 1969 වසරේ ජාතික රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගනිමින් බොහෝ දෙනාගේ ජනප්‍රියතම රංගන ශිල්පිනිය වන එතුමිය 1980 වර්ෂයේ දී “හිඟන කොල්ලා” සඳහා රංගනයෙන් පෙන් වූ දස්කම් නිසාම සරසවියේ හොඳම නිළියට හිමි සම්මානයෙන් ද ,1982 වසරේ “ආරාධනා” හා 1983 වසරේ දී “යසඉසුරු” සඳහා ද සම්මාන හිමිකර ගනු ලබනවා.

එමෙන්ම වඩාත් ජනප්‍රිය නිළිය සඳහා හිමිවන “නීල්සන් මහජන සම්මානය” නොකඩවා 12ස් වතාවක් ජයග්‍රහනය කිරීමට වාසනාවන්ත වන ඇය 2010 වර්ෂයේ CNN විසින් ආසියාවේ විශිෂ්ටතම සිනමා නළුවන් 25 දෙනාගෙන් කෙනෙකු ලෙස ද එතුමියව නම් කරනු ලැබ තිබෙනවා.

එමෙන්ම 1975 වසරේ දී මොස්කව් අන්තර් ජාතික සිනමා උළෙලේ දී හා 1977 දී නවදිල්ලි සිනමා උළෙලේදී සම්මාන දිනාගත් පළමු ශ්‍රී ලාංකීය රංගන ශිල්පිනිය ද එතුමිය යි.

රංගනය පිළිබඳ එතරම් දැනුමකින් තොරව පාසලෙන් හා දහම් පාසලෙන් ලද මගපෙන්වීම යටතේ වේදිකා රංගනයට පා තබන ඇය මේ වන විට පරිපූර්ණ, ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක ලෙසින් සම්මානයට ද පාත්‍ර වෙමින් සිනමාපට, ටෙලිනාට්‍ය ,වේදිකා නාට්‍ය 250කට ආසන්න සංඛ්‍යාවක් සඳහා තම රංගනයෙන් දායක වී තිබෙනවා.

අද මෙන් පහසුකම් නොමැති කාල වකවානුවක රංගනයට පා තබන ඇය කියා සිටින්නේ එවකට අද මෙන් රංගනය හැදෑරීමට අවකාශයක් නොතිබූ බවත්, ඇයට රංගනය පිළිබඳ ගුරුහරුකම් ලැබෙන්නේ වේදිකා නාට්‍ය හරහා බවයි.

ඒ වගේම දේශපාලනයට පිවිසීමට ප්‍රිය කරන එතුමිය පවසන්නේ අප රටේ අධ්‍යාපනය, ආර්ථිකය, පරිපාලනය ආදී විවිධ අංශයන් පිළිබඳව යම්කිසි මට්ටමක ප්‍රමාණවත් දැනුමක් ඇය සතුව ඇති බවත්,

එතුමිය දේශපාලනය සඳහා යොමුවන්නේ ආරාධනාවක් මත බවයි. ඉතින් අප රටේ රංගන ක්ෂේත්‍රයට අප්‍රමාණ මෙහෙයක් ඉටු කළ සම්මානනීය, ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියට දීර්ඝායුෂ මෙන්ම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කර සිටිනත් අපි අමතක කරන්නේ නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button