අහුලගත්ත ගොසිප්

“මගේ ජිවිතේ කියන්නේ කෑම” මම නොකා නොබී ඩයට් කරන විදිහේ කෙනෙක් නෙවෙයි

සිනමාවේ නිළි රැජිනිය වන මාලනී ෆොන්සේකා මහත්මියගේ සුන්දර කලා පවුලේ සාමාජිකාවක වීමේ වාසනාව උපතින්ම උරුම කරගන්නා ඇය රංගන කෞෂල්‍ය ද රැගෙන විත් තිබෙන්නේ උපතින්මයි කිව්වොත් නිවැරදියි.

මේ දිනවල බොහෝ දෙනා ඉතා ආසාවෙන් නරඹෙන ජනප්‍රියත්වයේ ඉහළින් ම රැඳෙන ටෙලි නිර්මාණයක් වන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන “නාඩගම්කාරයෝ” ටෙලි නිර්මාණයෙහි “පාඨලී” නම් චරිතයට ජීවය එක් කරන ඇය පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේ ද දස්කම් පෙන්වන අති දක්ෂ, ජනප්‍රිය, යොවුන්, සුරූපී රංගන ශිල්පිනී සේනාලි ෆොන්සේකා යි.

පවුලේ එකම දරුවා ලෙස උපත ලබමින්, පොළවේ පයගසා ජීවත්වන ඉතා නිහතමානී ,ගුණ යහපත් ගති ගුණ සහිත රංගන ශිල්පිනියක වන ඇය එංගලන්තයේ උපත ලැබුවත්

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත තරුණියක ලෙස රංගන දිවියේ වත් නරක නාමයක් ගාවා නොගත් රංගන ශිල්පිනියක ලෙස හා ඉතා චාම් ,සරල, සංවර ගති පැවතුම් සහිත තරුණයකු ලෙසත් ඇයව අපට හඳුන්වා දෙන්න පුළුවන්.

සාමාන්‍ය තරුණියක ලෙස ගෙදර දොරේ ඉහුම් පිහුම් වැඩකටයුතු වැනි සියලු දෑ සඳහා දස්කම් පාන සෙනාලි කියා සිටින්නේ ඇය නිවසේ රැඳෙන සෑම අවස්ථාවකම ගෙදර දොරේ ඉහුම් පිහුම් සියලු වැඩකටයුතු සිදු වන්නේ ඇයගේ අතින් බවයි.

ඒවගේම ඇයගේ අතින් උයන ආහාර මව, පියා මෙන්ම මිතුරු මිතුරියන්ද භුක්ති විඳීමට ඉතා ප්‍රිය කරන බවත්, ඇයට එතරම් රසට ආහාර පිසීමට හැකිවීම ගැන ඔවුන් පුදුමයට පත්වන බවයි ඇයි කියා සිටියේ.

ඒ වගේම අන් අයට කරදරයක් නොවී, ගෙදර දොර වැඩ කටයුතු සඳහා ද දක්ෂ තරුණියක ලෙස පොළවේ පය ගසා ජීවත් වීමට කුඩා කල සිට ඇයව පුරුදු කර ඇත්තේ ඇයගේ ආදරණීය මෑණියන් විසින් බවයි සෙනාලි කියා සිටියේ.

ඒ වගේම බොහෝ තරුණියන් තම රුව පිළිබඳව සිතා ආහාර පාලනය කලත් ඇය එලෙස ආහාර පාලනය නොකරන බව පවසන සෙනාලි කියා සිටින්නේ අන් අය ජීවත් වීම සඳහා ආහාර අනුභව කළත් ඇය ආහාර අනුභව කිරීම සඳහා ජීවත් වන බවයි.

කොතරම් ආහාර සඳහා රුචිකත්වයක් දැක්වූ වත් ඉතා සුන්දර ,හැඩකාර, සුරූපී රුවකට උරුමකම් කියන මේ නිහතමානි ,අවිහිංසක ,අතිදක්ෂ රංගන ශිල්පිනිය සෙනාලි ෆොන්සේකා ගේ ඉදිරි අනාගතයට අපද ඇයට සුබ ප්‍රාර්ථනා එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button