අහුලගත්ත ගොසිප්

නව අවුරුද්දේ ටෙලි නාට්ය නිෂ්පාදකවරයෙක් වෙන්න ලොකු කැමැත්තකින් ඉන්න විශ්ව කොඩිකාර

කවුරුත් දන්නා කාර් අතරත් ජනප්‍රිය පුංචි තිරය හැඩ කරන ලද අහිංසක පෙම්වතෙකු වශයෙන් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත්  රංගන ශිල්පියකු වශයෙන් විශ්ව කොඩිකාර හඳුන්වනට පුළුවන්.

බොහෝ ප්‍රේක්ෂක පිරිසක් අතර අහිංසක පෙම්වතාගේ චරිතය තුළින් ජනප්‍රියත්වයට පාත්‍ර වූ සුන්දර රංගන ශිල්පියා ඉතාම කෙටි කාලයක් තුළ මෙරට ප්‍රේක්ෂක හදවත් දිනාගැනීමට සමත් වූ රංගන ශිල්පියෙකු වශයෙන් හඳුන්වන්නට පුළුවන්.

රිදී තිරය ඔස්සේ කලා ක්ෂේත්‍රයට පිවිසෙන මේ සොඳුරු කලාකරුවා පසු පුංචි තිරයේ ද දැක ගැනීමට හැකි වන අතර පුංචි තිරයේ ඔහුගේ දක්ෂතාව  නිසා ප්‍රේක්ෂක ආදරය ඉතාමත් ඉහළින් දිනා ගැනීමට සමත් වෙනවා.

රිදී තිරය තුළ දී ඔහුට රංගනයෙන් දායක වීමට ලැබුවේ සීමිත නිර්මාණ කිහිපයකට බවත් ටෙලි නාට්‍ය නිර්මාණවලට දායක වන අතර අතරතුර ඔහුට ලැබුණ චිත්‍රපටි ගණනාවක්ම ප්‍රතික්ෂේප කිරීමට වූ බවත්,

මේ නිසාම ඔහුට චිත්‍රපට කිහිපයක්ම මග හැරුනු බවත් කියා සිටි අතර වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ වර්තමානයේ දී එසේ නිර්මාණ මගහැර නොගෙන එම.

නිර්මාණ භාර ගැනීමට  තමන් බලාපොරොත්තු වි සිටින බවත්ය. විශ්ව කොඩිකාර ගේ අලුත්ම තොරතුරු පිළිබඳ පිළිබඳවත් මාධ්‍ය සාකච්ඡාවක් හා සම්බන්ධ වෙමින් ඔහු කියා සිටියේ මේ දිනවල තරමක් කාර්යබහුල වන බවත් චිත්‍රපටයක වැඩ කටයුතු නිම කර ඇති අතර ටෙලිනාට්‍යයක ද රූගත කිරීම් අවසන් කර ඇති බවයි.

ලැබූ නව වසරෙ හොඳ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වීමටත් බලාපොරොත්තුවෙන් සිටින බවත් ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන නිසා ඔවුන්ගේ වැඩ කටයුතු මේ වනවිට සැලසුම් කර ඇති බවත් ඔහු එහිදී කියා සිටියා .

අලුත් බලාපොරොත්තු පිළිබඳ විමසන විට විශ්ව කොඩිකාර පවසා සිටියේ ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙක් වීම සඳහා තමන් මේ වසරේ ඉතාමත් කැමැත්තෙන් සිටින බවත් එම ප්‍රාර්ථනාවන් 2022 වර්ෂයේදී  ඉෂ්ට වේවා යැයි ද  ඔහු ප්‍රාර්ථනා කරනු ලැබුවා.

ප්‍රේක්ෂක සිත් වසඟයට ගත් මේ සොඳුරු කලාකරුවා ගේ එම ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉටු වේවා යැයි ප්‍රේක්ෂක අප ප්‍රාර්ථනා කරන ගමන්. ලැබූ 2022 වසර  සුභ නව වසරක් වේවා යැයි ද ඔහුට ප්‍රාර්ථනා කරමු

විස්තර ලබා ගැනීම ‘හදගැස්ම’ ඇසුරිනි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button