දේශිය පුවත්

තාජුඩීන්ගේ ආත්මයට මේ කරන්නේ ලොකු අසාධාරණයක් – නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට තර්ජනයක්ද?

තාජුඩීන්ගේ ආත්මයට මේ කරන්නේ ලොකු අසාධාරණයක් – නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට තර්ජනයක්ද?

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යහපාලන රජය පවා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, ඊයේ (01) කොළඹ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍ය බවත්, එසේ නොකළහොත් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ තාජුඩීන්ගේ ආත්මයට ලොකු අසාධාරණයක් සිදු කිරීම බවයි ඔහු වැඩිදුරට පවසන්නේ.

තව ද රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) බොරු සාක්ෂි ගොඩනැගීම සහ දේශපාලන වාසි තකා මහජන මතය වෙනතකට යොමු කිරීමට උත්සාහ කරන්නේ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරනවා.

එමෙන්ම මන්ත්‍රීවරයා අවධාරණය කළේ, 2015 වසරේ සිට හිටපු යහපාලන ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව විසින් රාජපක්ෂවරුන් ඉලක්ක කරගෙන නොයෙක් අභූත චෝදනා ගොඩනැගූ බවයි.

ඔහු පවසන්නේ, තජුඩින්ගේ නඩුව සම්බන්ධයෙන් නාරාහේන්පිට OIC ලවා බොරු සාක්ෂි කියවීමට එදා හිටපු නිලධාරීන් කටයුතු කළ බවත්, එම නිලධාරීන්ම අද ඉහළ පුටුවල වාඩි වී සිටින බවත්ය.

මීට අමතරව, හිටපු නාවික හමුදාපතිවරයාගේ නඩුව සම්බන්ධයෙනුත් බොරු සාක්ෂි කියන්න බලපෑම් කළ බවට පොලිසියේ නිලධාරියෙක් අධිකරණයට දැනුම් දී ඇති බව රාජපක්ෂ සඳහන් කරනවා.

මේ අතර CID එක නිරන්තරයෙන් බොරු සාක්ෂි හදා ආණ්ඩුව සතුටු කරවන්න උත්සාහ කරන බවටද ඔහු චෝදනා කරනවා.

නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ, පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු මාධ්‍යයට දැක්වීම වෙනුවට, එම කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කළ යුතු බවයි. කරුණු මාධ්‍ය හමුවේ ඉදිරිපත් කිරීමෙන් පෙනී යන්නේ මේ නඩුව සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් කතිකාවතක් ගොඩනැගීමට ඇති උමනාව බවයි.

ඔහු ආණ්ඩුවට සහ පොලීසියට දැඩිව කියා සිටියේ, සියලු කාරණා ගැන අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු කරන ලෙසයි.

තජුඩින් නඩුව පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ , පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන ආකාරයටම, යම්කිසි කෙනෙක් තමන්ගේ ස්වාමි පුරුෂයා ඉනට අත තියන් ඉන්නවා යැයි හඳුනාගත්තා නම්, ඇයගේ ස්වාමි පුරුෂයා කවුද, ඇය පසුගිය දිනවල කොහේද ජීවත් වුණේ, කා සමඟද සිටියේ, කවුරුන් ඇසුරු කළේද යන කාරණා ආණ්ඩුව සහ පොලිසිය සොයා බැලිය යුතු බවයි.

මෙම තඩුඩීන් නඩුව දේශපාලන වේදිකාවක් නිර්මාණය කරගන්න මහන්සි නොවී, යම්කිසි අසාධාරණයකට ලක්වී ඇත්නම් ඒ පිළිබඳව සාධාරණව අපක්ෂපාතීව පරීක්ෂණයක් කළ යුතු බවත් එසේ නොකළහොත් එය යම් යම් අයගේ පෞද්ගලික හේතු කාරණා ඉෂ්ට කරගැනීමට සහ ආණ්ඩුවේ දේශපාලන වාසිය හා අවස්ථාව ඉෂ්ට කරගැනීමට කරන දෙයක් බවටද ඔහු චෝදනා කර තිබෙනවා.

එමෙන්ම ඔහු සඳහන් කළේ, ආණ්ඩුව තමන්ව ප්‍රශ්න කරන විට, ප්‍රශ්නවලට උත්තර නැති වන විට, එම ප්‍රශ්නය යට ගහගන්න ජනතාවගේ මතය වෙන පැත්තකට හරවන්න උත්සාහ කරන බවයි.

තවද , පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෝ වෙනත් පුද්ගලයෙක් වේවා, ආණ්ඩුවේ උමනාව මත බොරු කරුණු දක්වන්න උත්සාහ කෙරුවොත්, අධිකරණ ක්‍රියාදාමයට හෝ පරීක්ෂණ කටයුතුවලට අගතියක් වන ලෙස ප්‍රකාශන නිකුත් කිරීමට ලෑස්ති වුවහොත්, ඒ පිළිබඳව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වනු ඇති බවයි.

 

 

 

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button