සයුරෙන් එහා පුවත්

ලොව විශාලතම බිට්කොයින් අත්අඩංගුවට ගනී – වසර 7ක විමර්ශනයක ප්‍රතිඵලයක්

ලොව විශාලතම බිට්කොයින් අත්අඩංගුවට ගනී - වසර 7ක විමර්ශනයක ප්‍රතිඵලයක්

මෙතෙක් ලොව සිදු වූ විශාලතම ඒක පුද්ගල ක්‍රිප්ටෝ මුදල් සිද්ධියකට අදාළව චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් බිට්කොයින්වල වටිනාකම පවුම් බිලියන 5කට (අමෙරිකානු ඩොලර් බිලියන 6.7) අධික බවයි මාධ්‍ය වාර්තා වන්නේ.

සීමින් චියැන් (Zhimin Qian) නොහොත් යාඩි ෂැං (Yadi Zhang) නමැති මෙම කාන්තාව, නීති විරෝධී ලෙස ක්‍රිප්ටෝ මුදල් ලබාගැනීම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ලන්ඩනයේ සවුත්වර්ක් ක්‍රවුන් අධිකරණයේදී වරද පිළිගෙන ඇත.

ඒ, අනුව මෙට්‍රොපොලිටන් පොලිසිය ප්‍රකාශ කළේ, 2014 සහ 2017 අතර කාලයේදී ඇය චීනයේ මහා පරිමාණ වංචාවක් මෙහෙයවා ඇති අතර, එහිදී වින්දිතයන් 128,000කට අධික පිරිසක් රවටා සොරකම් කරන ලද මුදල් බිට්කොයින් වත්කම් ලෙස ගබඩා කර ඇති බවයි.

එමෙන්ම 47 හැවිරිදි මෙම කාන්තාව වරද පිළිගැනීම වසර හතක් පුරා සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් බවයි මෙට්‍රොපොලිටන් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

චියැන් සතුව තිබූ බිට්කොයින් 61,000ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම විමර්ශනය 2018 වසරේදී ආරම්භ කර ඇත්තේ, අපරාධ වත්කම් පිළිබඳව ලැබුණු තොරතුරකින් පසුවයි.

මෙහිදී මෙට්‍රොපොලිටන් පොලිසිය සඳහන් කර ඇත්තේ, චියැන් අත්අඩංගුවට ගැනීමට පෙර වසර පහක් පුරා යුක්තියෙන් මිදී සිටි බවත්, ඇයව අත්අඩංගුවට ගැනීමට බහුවිධ අධිකරණ බලතල ඇතුළත් සංකීර්ණ විමර්ශනයක් අවශ්‍ය වූ බවත්ය.

ඇය ව්‍යාජ ලේඛන භාවිත කරමින් චීනයෙන් පලා ගොස් එක්සත් රාජධානියට ඇතුළු වී ඇති අතර, එහිදී සොරකම් කරන ලද මුදල් දේපළ මිලදී ගැනීමෙන් විශුද්ධිකරණය කිරීමට උත්සාහ කළ බවයි මෙට්‍රොපොලිටන් පොලිසිය පවසා ඇත්තේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button