සයුරෙන් එහා පුවත්

ගුවන් සමාගම් ඉරාන ගුවන් සීමාව මඟහැර යයි

මැදපෙරදිග කලාපයේ මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්වය මත මේ වන විට බොහෝ ගුවන් සමාගම් තම ගුවන් යානා ඉරාන ගුවන් සීමාව මඟහැර පියාසර කිරීම් ආරම්භ කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එම හේතුවෙන් ඊශ්‍රායලය හා මැදපෙරදිග කලාපය හරහා ගමන් ගන්නා සියලු මගීන් තම ගුවන් ගමන් පිළිබඳව අදාළ ගුවන් සමාගම්වලින් නැවත සනාථ කිරීමක් කර ගන්න මෙන් දැනුම් දී ඇත.

ඊශ්‍රායලයේ ටෙල්අවිව් ගුවන් තොටුපල සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවත් ගුවන් යානා පැමිණීම හා පිටවීම නිසි පරිදි සිදුවන බවත් සඳහන් වේ.

ඊශ්‍රායලයේ සිට  ශ්‍රී ලංකාව බලා පිටත්වන ගුවන් යානා ක්‍රියාත්මක කරන FLYDUBAI හා ETIHARD ගුවන් යානා අද (15) දිනයේත් සුපුරුදු කාලසටහන් අනුව පියාසර කරන බව ගුවන්තොටුපොළ දත්ත සනාථ කරයි.

2025 ජුනි මාසයේ දී ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වූ පසු ඊශ්‍රායලයට පැමිණීමට සිටි බොහෝ ශ්‍රී ලාංකිකයන් අබුඩාබි හා ඩුබායි ගුවන්තොටුපොළ බොහෝ දිනක් නතරව සිටි අතර  ඔවුනට  නැවත ශ්‍රී ලංකාවට යාමට සිදුව ඇත.

එබැවින් ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාවට යාමට අපේක්ෂා කරන පිරිස සේම ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කරන පිරිස තම ගුවන් ගමන් පිළිබඳව   විමසීමෙන් නැවත සනාථ කොට ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙසද දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button