
ඇය ජනප්‍රිය මෙන්ම ආදරණීය ලයාන්විත සුන්දර වූත් අහංසක වූත් පෙනුමැති නිවේදිකාවකි. මේ දවස්වල ඇය ගැන කථා වෙන්නට හැමෝම වාගේ පටන් අරන් තියනවා.
ඒ මොකද දන්නවා ද?.
ඇය විසින් සමාජ මාධ්‍යයන් ඔස්සේ තැබූ අපූරු සටහනක් නිසාවෙනි. ඇය නමින් පාරමි නිලේප්තා රණසිංහ නම් වන අතර, ඉතින් ඒ සටහන නිසාම පාරමීට රූපවාහිනී භූමිය තුලට පා තබන්නටවත් අවසරයක් නෑ ලු මේ දවස්වල ඉදලා.
ඉතින් සොනාල ගුණවර්ධනයන් ඒ කියන්නේ පොහොට්ටුවේ ප්‍රබල සමාජ ජාල ක්‍රියාකරුවෙකු ලෙස සේවයේ යෙදී සිටින ඔහු විසින් තමයි, පාරමිගේ සේවය අහිමි කර තිබෙන්නේ.
ඉතින් සොනාල විසින් රූපවාහිනියේ නිවේදිකාවකට සිය පුද්ගලික දේශපාලන අදහස සිය මුහුණු පොතේ සටහන් කිරීමට පවා අවස්ථාව අහිමි කර තිබෙනවා මේ ලෙසින්.
ඉතින් පාරමී වසර ගණනාවක් තිස්සේ සේවය කරන ලද්දේ ජාතික රූපවාහිනියත් සමඟින් වන අතර, “රිවිදින අරුණැල්ල, චක්‍රාවාටය, හාර්ඩ් ටෝල්ක්, ගුරුතලාව, සුසර දැහැන, නුග සෙවන” යනාදි අපූර්ව වූ වැඩසටහන් තුළින් ප්‍රේක්ෂක හඳවත් දිනාගත් පාරමී හඬකැවීම් ශිල්පිනියක ලෙසින් ද හරි අපූරුවට කටයුතු කල බව ඔබට මතක ඇති.
පුරවැසියා සතු භාෂණ හැකියාව සහ එහි නිදහස වෙනුවෙන් මාධ්‍ය ආයතනයක පාලනාධිකාරය විසින් ගත්ත මේ නීති විරෝධී තීරණේට පාරමී විසින් සමාජ මාධ්‍යන් හි මෙලෙසින් සටහනක් තබා ඇති අතර
එය නම්, “පුවැසියෙකු ලෙසින් මාගේ භාෂණයේ නිදහස සීමා කොට ඇති මොහොතක, සමාජ වගකීමක් ලෙසින් සුවදුක් විමසන හිතැතියන් වෙනුවෙන් මේ සටහන තබමි.

බහුතර ශ්‍රී ලාංකික ජීවිතයන් ගැන සංවේදීවීම නිසාවෙන් මා විසින් මාගේ එෆ් බී ගිණුමේ දැමූ පෝස්ට් එකක් නිසාවෙන් මා හට රූපහානිය තහනම් වූවා.
ඒ කෙසේ වෙතත්, මා වෙනුවෙන් “රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, නැණ හිමිර, චක්‍රාවාටය” වැනි වැඩසටහන් බිහිකරදුන් රූපවාහිනි නාලිකාවට මාගේ හඳ පිරි ප්‍රණාමය සහ ගෞරවය මා විසින් පිරිනමනවා.
ඉතින් මේ වැටසටහන් තුළ මා සිටි හෙයින් මා හට ලැබූ ප්‍රේක්ෂකාදරය වෙනුවෙන් මා මාගේ ආදරණීය ප්‍රේක්ෂකයිනට ද හඳ පිරි ස්තුතිය පුද කරමි.
හංස වෙස් ගෙන පාත්තයින් රඟන විටත් රූපවාහිනිය යන්න මා හට හුදු දේශපාලන කෙලි මඩලක් නොවූ අතර, මා අදටත් මවු ගුණ හඳුනන දරුවකු ලෙසින් මා සේවය කළ මා හට පාර පෙන්වූ රූපවාහිනියට මා සදා ආදරෙයි. එහෙයින් සදාකල් රූපවාහිනිය වැජඹේවා!. නමුදු නැවතුමක් නොව හැරවුමක් පමණකි”, කියා.








