අහුලගත්ත ගොසිප්

ඇඟ මහත නිසා මට චරිත දෙන්න අධ්‍යක්ෂකවරු බෑ කියනවා

ජන්මයෙන් ලද ගායන හැකියාව ඔපමට්ටම් කර ගනිමින් ගායන අංශයෙන් මෙන්ම “ඝරසරප” සිනමා පටය හරහා රංගනයෙනුත්, නිවේදනයෙනුත් ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් ඉදිරියට පැමිණීමට සමත් වූ සුරූපී, යොවුන් ගායන ශිල්පිණියක් තමයි කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ.

දක්ෂ ,ප්‍රවීණ ගායන ශිල්පීන් යුවළක් වන අතුල අධිකාරි මහතාගේ හා සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මිය ගේ ආදරණීය දියණිය ලෙස මෙලොව එළිය දැකීමට වාසනාවන්ත වී තිබෙන ඇයව වැඩි වශයෙන් ප්‍රේක්ෂකයින් හඳුනන්නේ රංගන ශිල්පිනියක් ලෙස කිව්වොත් නිවැරදියි.

එයට හේතුව ලෙස ඇය රංගනයට පිවිසුණු “ඝරසරප” සිනමා පටයට ඇයට රංගනයෙන් දායකවීමට ලැබුණු චරිතය ප්‍රධාන චරිතයක් වීම කිව්වොත් නිවැරදියි.

එහි ඇය දැක්වූ රංගන දක්ෂතාවය නිසාම ඉන් පසු “සක්කාරං” වැනි ටෙලි නිර්මාණයන් හරහා ද තම රංගන කෞශල්‍ය විදහා පෑමට අවස්ථාව හිමි කර ගන්නා ඇය එලෙස බොහෝ ප්‍රේක්ෂකයින්ගෙන් ආදරය ලබමින් ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ රැදෙන කාල වකවානුවකින් පසු ඇයව අපට රංගනයන්ගෙන් එතරම් දක්නට නොලැබී යනවා.

එයට හේතු ලෙස ඇය සඳහන් කර තිබුණේ පසුව ඇයට ලැබුණු බොහෝ චරිත ඇයගේ සිතට නොදැනුණු බව හා නොගැලපුණු බැවින් ප්‍රතික්ෂේප කිරීමට සිදු සිදුවූ බවත්,

බොහෝ දෙනා ඇයට මහත වැඩි ,මහත අඩු කරගැනීමට පවසන බැවින් මහත අඩු කරගෙන ඉදිරියේදී නැවතත් හොඳ නිර්මාණයන්ගෙන් ප්‍රේක්ෂක හමුවට පැමිණීමට බලාපොරොත්තු වන බවයි.

බොහෝ දේ ප්‍රගුණ කරන ,කුසලතා පූර්ණ තරුණියක වන ඇය රංගනය පිළිබඳව හදාරා ඇත්තේ ජයන්ත චන්ද්‍රසිරි මහතා ගෙන් බවයි කියා හිටියේ.

රංගනය සදහා ඇයට ඇති දක්ෂතාවය නිසාම සිය ප්‍රථම රංගනය වන “ඝරසරප” සිනමා පටය හරහා ඇය පෙන්වූ රංගන දක්ෂතාවය වෙනුවෙන් සම්මානයක්ද හිමිකරගැනීමට කාවින්ද්‍යා වාසනාවන්ත වනු ලබනවා.

ඉතා සංවේදී, නිහතමානී, සුන්දර හදවතක් හිමි, පොළොවේ පය ගසා ජීවත්වන මේ සුරූපී යුවතිය කාවින්ද්‍ය අධිකාරිගේ ඉදිරි ගමනට අපි ඇයට සුබ ප්‍රාර්ථනා එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button