
නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යයන් ඔස්සේ කථාබහ කෙරෙන අපූරු නිරූපණ ශිල්පිනියක තමයි පියුමි හංසමාලි කියන්නේ. පියුමි නිරූපණ ශිල්පිනියක මෙන්ම රංගන ශිල්පිනියක ද වන්නේ ඈ තුළ වූ අපූරු දක්ෂතාවයන් නිසාවෙනි.
ඔන්න ඉතින් ඔබේ ආදරණීය කලාකාරිනිය පියුමි හංසමාලි රංගන ශිල්පිනියට දේශපාලනයට එන්න කියලා ආරාධනාවන් දෙක තුනක්ම ඇවිත් තිබෙන අතර,
ඉතින් පියුමි නම් ඒ ගැන කියන්නේ මෙන්න මේ වගේ කථාවක් තමයි, “දේශපාලනය කරන්න කියලා ඔන්න දෙතුන් පාරක්ම මට ඇරයුම් ලැබුණා. ඡන්දේ ඉල්ලන්න ඇවිත් හම්බවෙන්න කියලත් කියලා තියනවා.
ඒ වුණත් ඉතින් ඡන්දෙ ගන්න එන අය නම් උදව් කරන්නේ නෑ. අපේ රටේ මිනිස්සු මෝඩ නෑ. බල්ලෙක්ට වත් බත් ටිකක් දෙන්නේ නැති අය කාවද ඔය රවට්ටන්නේ”, කියලා.
ඔන්න ඉතින් රටේ කථාබහට ලක්වුණු තවත් චරිතයක තමයි පුෂ්පිකා කියන්නේ. ඉතින් කාලයක් තිස්සේ පියුමි යි පුෂ්පිකා යි කථා නොකරලත් ඉදලා තියෙන අතර, පියුමි පුෂ්පිකා ගැන කථාවත් කරන්නට කැමති නෑ ලු.
පුෂ්පිකා මිසිස් වර්ල්ඩ් යනකොට ෆීල්ඩ් එකේ අයවත් ඇයට සපෝර් එකක් දීලා නැති අතර, පුෂ්පිකාගේ යාළුවෝ පවා කියන්නේ පුෂ්පිකාට උදව් කරාට කිසිම කෙළෙහි ගුණයක් නෑ කියලා වන අතර, ඉතින් පියුමි කියන්නේ මෙන්න මේ වගේ කථාවක් තමයි.
“පුෂ්පිකාගේම යාළුවෝ කියනවා, එයාට කිසිම මේකක් නෑ කියලා. මම දැනුත් මුකුත් කියන් නෑ. ඒත් ඉතින් ඇයත් ගැහැණියක්නේ. ටොප් සික්ස් ආවා කියන්නේ ලොකූ දෙයක්.
කවුරුහරි එයාගේ ඔලුව අවුල් කරනවා. එයා ඉන්ස්ටා වලත් කමෙන්ට් බ්ලොක් කරලා”, කියලා. ඔන්න ඉතින් දැන් පියුමිට අවුරුදු 30ටත් කිට්ටු වන අතර,
ඉතින් මේ වෙද්දී පියුමි සෑහෙන්න මිතුරු මිතුරියන්ව ඇසුරු කර තිබෙන අතර, ඉතින් පියුමි කියන්නේ නම් මෙන්න මේ වගේ හරි අපූරු දෙයක් තමයි, “අම්මෝ යාළුවෝ නම් ඕන තරම් ආශ්‍රය කරලා තියනවා.
ගොඩක් අය හොඳ මූණ පෙන්නලා ප්‍රයෝජන ගන්න තමයි බලන් ඉන්නේ ඉතින්. ඉතින් මේ ප්‍රශ්නෙ දී චන්දිමාලුත් මාව බ්ලොක් කරා, ලාස්වේගස් වලදී.
මං ආගිව්ත් කරා. එයා මගේ හොඳම යාළුවා කියලා. ඒ වෙලාවේ නම් අනේ මන්දා චන්දිමාලුත් ඒ පැත්ත තමයි ගත්තේ. ඒකට මට මාරම දුකයි.
ඒ දුක නම් කියන්න බැරි තරම් වේදනාවක්. ඉතින් ඊට පස්සෙ නම් ආයෙමත් ලංකාවට ආවට පස්සේ ඒ හැමදෙයක්ම වෙනස් වුණා. ඉතින් මට එහෙම නම් චන්දිමාලට කෝම ඇත්ද?.”, කියලා.
“ජූරි යන්නත් කලින් මිසිස් යන්න හරි ආසයි මට කියලා මං චන්දිමාල්ටත් කිවුවා මතකයි. මම නීත්‍යානුකූලව අදටත් බැඳලා ඉන්නේ. හස්බන්ඩ් කියලා තියෙන්නේ ඕනි වෙලාවක යන්න කියලා.
මිසිස් වර්ල්ඩ් නම් මං යන එකක් නෑ. පහුගිය දවස්වල වෙච්චි දේවලුත් දන්නවානේ”, ඔන්න විදියට තමයි පියුමි නම් කියන්නේ.








