අහුලගත්ත ගොසිප්

මම කවද හරි ලංකාවේ හොඳම ජනප්‍රියම නිළිය වෙනවා, චුලක්ශි

2014 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා කිරුළත් ,2017 වර්ෂයේ ලොව හොඳම නිරූපණ ශිල්පිනියට හිමි කිරුළත් තමන් සතු කර ගනිමින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ බැබළවූ ඇය අති දක්ෂ, ජනප්‍රිය, සුරූපී රංගන ශිල්පිනියක මෙන්ම නිරූපණ ශිල්පිනියක ද වන චුලක්ශි රණතුංග යි.

“දේදුනු ආකාසේ” සිනමා පටය හරහා රංගන ක්ෂේත්‍රයට පා තබා මේ වන විට ප්‍රේක්ෂක ආදරය, ආකර්ෂණය ඉතා ඉහළින් දිනා ගනිමින් නිර්මාණයන් රාශියකට තම රංගන දායකත්වය ලබා දී තිබෙන මේ යොවුන් රංගන ශිල්පිනිය පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්ව තිබෙනවා කිව්වොත් නිවැරදියි.

ඒ ඇය මේ දිනවල රංගනයෙන් දායක වී තිබෙන, කැළඹීමක් ඇති කිරීමට සමත් වූ “ගිනි මල් පොකුරු” සිනමා පටයේ ඇය රංගනයෙන් දායක වී තිබෙන චරිතය නිසයි.

ඒකාකාරී චරිත යන්ට කොටු නොවී විවිධාකාර වූ චරිතයන්ගෙන් ප්‍රේක්ෂක සිත් දිනා සිටින ඇය ලැබෙන සියලුම ආරාධනා බාර නොගන්නා තෝරා බේරා ගෙන චරිතයන් බාර ගන්නා රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.

ඒ වගේම ඕනෑම අභියෝගයක් ජයගත හැකි ආත්ම ශක්තියක් සහිත රංගන ශිල්පිනියක වන ඇය බාර ගත් සියලුම චරිතයන්ට උපරිම සාධාරණයක් ඉටුකළ බව ඔබත් පිළිගනු ඇති.

යොවුන් වියේ පසු වුවත් තවමත් අවිවාහක, තනිකඩ දිවියක් ගත කරන ඇය කියා සිටියේ සුදුසු කාලයට නිවැරදි සහකරු හමු වනු ඇති බව හා වයස ගෙවෙනවාට බියෙන් නොගැළපෙන විවාහයක් සිදු කරගෙන පසුතැවීමට අකමැති බවයි.

එම නිසාම ඇය වයස සලකනු ලබන්නේ නිකම්ම නිකන් ඉලක්කමක් ලෙසයි. ඉතින් මේ දිනවල ප්‍රියන්ත කොළඹගේ මහතාගේ “මන්දාරා” සිනමාපටයේ ඩබින් වැඩ කටයුතු නිසා මදක් කාර්ය බහුල දිවියක් ගත කරන ඇය,

රංගනයෙන් දායක වී තිබෙන ඉදිරියේ දී තිරගත වීමට නියමිත නිර්මාණයන් ලෙස ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ “මිදුණු විශ්වය” සිනමාපටයත්, ප්‍රසන්න ජයකොඩි මහතාගේ “කොරෝනා කාලේ ආලේ” සිනමාපටයත්, සනත් අබේසේකරයන් ගේ “ගුත්තිල” සිනමා පටයත්,

මොහාන් නියාස් මහතාගේ “ශ්‍රී වික්‍රම” සිනමාපටය සහ උදයකාන්ත වර්ණසූරිය මහතාගේ “ගින්දරී 3” සිනමා පටයත් හඳුන්වා දෙන්න පුළුවන්.

දක්ෂතාවය මෙන්ම උපතින්ම ලද සුරූපී රුව නිසාම බොහෝ දේ ලබා ගැනීමට සමත් වී සිටින මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය චුලක්ශි රණතුංග ගේ ඉදිරි ගමනට අපි ඇයට සුබ පැතුම් එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button