
අති දක්ෂ රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් ,නිවේදන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක් මෙන්ම විටෙක නිරූපණ ශිල්පියෙක් ද වන වර්තමානයේ නිතර දක්නට ලැබෙන, කතාබහට ලක්වන, ජනප්‍රිය ,කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියලා කියන්නේ.
මේ දිනවල “හිරු ස්ටාර්” වේදිකාවේ නිවේදනයෙන් දස්කම් පෙන්වන ඔහු අති දක්ෂ, ප්‍රවීණ ගායන ශිල්පී නාරද දිසාසේකරයන් ගේ ආදරණීය පුත් රුවන බව නොදන්න කෙනෙක් නැහැ.
ඉතින් ඒ වගේම සුන්දර, ජනප්‍රිය කලා පවුලක වැඩිමල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් හා ආදරණීය යුග දිවියක් ගත කරන ඔවුන් මේ වෙන විට සිව් මස් වියැති සුරතල් ,පුංචි දියණියකගේ ආදරණීය දෙමාපියන් වීමේ වාසනාවද උදා කරගන තිබෙනවා.
මව් පදවිය නිසාම රංගනයට මදක් සමුදි සිටින දිනක්ෂි මේ දිනවල තම ආදරණීය, කුලුදුල් දූ සිගිත්තිය සමග සතුටින් කාලය ගත කරන බවයි කියා සිටියේ.
ඒ වගේම ඇයගේ උපතත් සමඟ සාරංග අලුත් නිවහනක් සෑදීමට ද මුලපුරා ඇති බවයි අපට දැනගන්න ලැබුණේ.
ඉතින් සමාජ මාද්‍යත් සමග නිතර ගනුදෙනු කරන,සමාජ මාධ්‍යයන් තුල නිතර දක්නට ලැබෙන, කතාබහට ලක්වන ඔවුන් නිරන්තරයෙන් ඡායාරූපයන් එක් කර තම රසික රසිකාවියන් හා සබැඳියාව පවත්වාගෙන යෑමටත් අමතක කරන්නේ නැහැ.
තම ආදරණීය දියණියගේ ඡායාරූපයන් නිතරම සමාජ මාධ්‍යයට එක් කලත් ඔවුන් ඇයගේ මුහුණ පෙන්වීම තවමත් අකමැත්තක් දක්වන බවයි අපට පෙනී යන්නේ.
ඉතින් සාරංග විසින් සිය ෆේස්බුක් ගිණුමේ “යන්න දෙන්නෙ නෑ බබත් උදෙන්ම නැග්ගා කාර් එකට.” යනුවෙන් සටහනක් ද සමඟ ඔවුන් තිදෙනාගේ සුන්දර ඡායාරූපයන් කිහිපයක් මුහුණු පොතට එක් කර තිබෙනු අපට දක්නට ලැබුණා.
ඉතින් ඔවුන්ට ආදරය කරන රසික ඔබ වෙනුවෙන් එම ඡායාරූපයන් පෙල ඔබ වෙත ගෙන එන්න අපි හිතුවා.









