අහුලගත්ත ගොසිප්

ලංකාවම කැ’ළඹු දිනක්ෂිගේ සහ ශනුද්රිගේ නර්තනය

ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනෙක් හඳුනන, ආදරය කරන, ජනප්‍රිය කලා පවුල් අතර ඉදිරියෙන් රැඳෙන කලා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියලා කියන්නේ.

ඉතින් එම පවුල තව තවත් හැඩ කරන සාමාජිකයින් තමයි දිනක්ෂි ප්‍රියසාද්, ශේෂාද්‍රි ප්‍රියසාද් ,ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ.

මේ වෙනකොට බොහෝ නිර්මාණයන් තුළින් දක්නට ලැබුණු, බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා සිටින මේ අක්ක නගෝ තුන්දෙනා සමාජ මාධ්‍යයන් තුළත් නිතර දක්නට ලැබෙන, කතාබහට ලක්වන active චරිත තුනක් කිව්වොත් නිවැරදියි.

මීට ටික දිනකට ඉහතදී ලද මව් පදවියත් සමඟ රංගන කටයුතුවලින් මද විරාමයක් රැගෙන සිටින වැඩිමල් සාමාජිකාව දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ රංගනයට මෙන්ම නිවේදනයට ද දස්කම් දක්වන බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වී සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

ඒ වගේම චැලෙන්ජර්ස්, zoom…වැනි සිනමාපට මෙන්ම ටෙලි නිර්මාණයන් තුළින් ද දස්කම් පෙන්වන බොහෝ තරුණයන්ගේ ආකර්ෂණයට පාත්‍ර වී සිටින,

මේ වන විට සුන්දර යුග දිවියක් ගත කරන දෙවැනි සාමාජිකාව තමයි ජනප්‍රිය, සුරූපී රංගන ශිල්පිනියක වන ශේෂාද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ.

ඉතින් එහි කුඩාම සාමාජිකාව තමයි අක්කලා දෙන්නට නොදෙවෙනි ලෙස දස්කම් දක්වන, රංගනයට මෙන්ම නර්තනයටත් එක ලෙස උපන් හපන්කම් දක්වන සුරූපි, යොවුන්, ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ.

ටෙලි නිර්මාණයන්, සිනමා නිර්මාණයන්, ගීත රූප රූපරචනා, වෙළඳ දැන්වීම් යන සියල්ලගෙන්ම නිතර දක්නට ලැබෙන ඔවුන් “ටික් ටොක්” සමාජ මාධ්‍ය තුළින් ද නිතර දක්නට ලැබෙන ක්‍රියාකාරී සාමාජිකාවන් තිදෙනෙක් කිව්වොත් නිවැරදියි.

ඒ වගේම විලාසිතාවන් සඳහා වැඩි අවධානයක් දක්වන ඔවුන් විවිධ වූ විලාසිතාවන් මගින් නිතර නිතර දක්නට ලැබෙන රංගන ශිල්පීන් බවත්,

ඔවුන්ගේ විලාසිතාවන් අනුකරණය කිරීමට බලා සිටින බොහෝ තරුණියන්ද ඔවුන් වටා රොක්ව සිටින බව කිව යුතුමයි.

ඉතින් පසුගිය දිනක දිනක්ෂි සහ ශනුද්‍රි විසින් සුන්දර ඇඳුම් විලාසිතාවකින් සැරසී ආකර්ෂණීය නර්තනයක් ඉදිරිපත් කර “ටික් ටොක්” මාධ්‍ය වෙත එක් කර තිබුණා ඔබත් දකින්න ඇති.

මේ වන විට සමාජ මාධ්‍ය තුල වැඩි වශයෙන් හුවමාරු වන එම වීඩියෝ පටය බොහෝ දෙනා අගයනු ලැබ තිබුණේ ඔවුන්ගේ ඇති දක්ෂතාවය මෙන්ම සුන්දරත්වයද වර්ණනාවට ලක් කරමිනුයි.

ඉතින් සියලුම අංශයන්ට එක ලෙස දස්කම් දක්වන මේ සුරූපී අක්කා නගෝ තිදෙනාට අපද සුභාෂිංශන එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button