අහුලගත්ත ගොසිප්

“නිර්මාණය තුල කරපු කැප කිරීම බලලා මගේ ළමයි එක අගයයි” චමත්කා කියූ කතාව

සිනමාවට අපේ රටේ හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ඒ අතරේ වූ ආන්දෝලනාත්මක සිනමාපටයක් තමයි, “හුස්ම” කියන්නේ. මේ ආන්දෝලනාත්මක සිනමාපටයේ නි’රුවත් චරිතයක් නිරූපණය කිරීමට එක් යුවතියකට තිබූ අතර,

එහි රංගනයෙන් දායකත්වය දැක්වූ රංගන ශිල්පිනිය තමයි, චමත්කා ලක්මිණි කියන්නේ. චමත්කා මියුසික් වීඩියෝ මෙන්ම තවත් සිනමාපටයන් කිහිපයකටත් තම අපූරු රංගනයෙන් දායක වී තිබෙනවා.

ඉතින් “හුස්ම” සිනමාපටයත් සමඟින් චමත්කා ලක්මිණි ගැන බොහෝ පිරිස් කථාවෙන්නට පටන් ගත්තා. සිනමාපටයන් හි සිපගැනීමේ ජවනිකාවන් සඳහා සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වන නිලියක විදියට චමත්කා ලක්මිණී ව හැඳින්විය හැකි අතර,

චමත්කා කියන්නේ මෙන්න මේ වාගේ කථාවක්. “මවක් බිරිඳක් විදියට කියන කරන දේ ගැන අවබෝධයක් තිබෙනවා වගේම ජීවිතේම රඟපෑමක්. නෑදෑයෝ ආශ්‍රය කරන්නෙත් හරිම අඩුවෙන්.

ගොඩක්ම කාලේ ගෙවන්නේ යාළුවෝ එක්ක. ඉතින් ජීවිතේ පසුතැවෙන අවස්ථාවන් නම් බොහෝ අඩුයි”, කියලා.

චමත්කා සමහර නි’රුවත් චරිතයන් රඟපාද්දි මුලින් නම්, ඇගේ හිතත් ජීවිතයත් කඩා වැටී තිබෙන්නේ ඒ සඳහා ඇයට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු අති විශාල බැණුම් ගොන්නත් සමඟිනි.

නමුත් ඇය මේ ක්ෂේත්‍රයේම නියැලිලා ඉන්න නිසාම, රංගනය සඳහා පවුලෙනුත් ඇයට බාධාවන් ඇති වී නැති අතර, චමත්කා කියන්නේ, “ඇගේ රංගනයන් කෙරෙහි කියන දේවල් වලින් ඇය දැන් ඇඳ වැටෙන්නේ නැති” බවයි.

චමත්කාගේ මවගේ පවුල් ජීවිතය ද අඩාල වී තිබෙන්නේ ඇයගේ කලා කටයුතු නිසාවෙන් වන අතර, චමත්කාගේ පවුල් ජිවිතයට නම් එලෙසින් බාධක පැමිණ නෑ කියලයි චමත්කා කියන්නේ.

ඒ වගේම ඇය මේ විදියට කියන්නටත් අමතක කරේ නෑ. “දැන් පරම්පරාව හරි වෙනස්. මියුසික් වීඩියෝ නම් ඉන්ටර්නැෂනල් වෙනවා. ඉතින් ඇයි ෆිල්ම් වලට එහෙම කරන්න බැරි. පළවෙනි වතාවේ මං හිතුවේ අම්මාව කැමති කර ගන්න කියලා.

හැමෝගේම ආර්ට් එකක් තියනවා කියලා නම් කියනවා” චමත්කා ගේ නි’රුවත් රඟපෑම ඇගේ දරුවාගේ අනාගතය උදෙසා කෙබඳුවේ ද යන්න ගැන, චමත්කා මෙන්න මේ වගේ කථාවක් තමයි කියන්නේ.

“දරුවා හැදෙන්නෙත් වර්ථමානයේ පවතින දෑ වලට අනුව. එයත් මේ කලාවට ආවොත් උදව් කරනවා. මගේ මහත්තයා නම් මාව තේරුම් අරන් ඉන්නේ. ඉතින් ඒ වගේම දරුවත් මගේ රඟපෑම ගැන තේරුම් ගනීවි.

මං ලිවිං ටුගෙදර් ඉදලා මැරි කරපු කෙනෙක්. මහත්තයාගෙන් ලැබෙන්නේ මාරම ශක්තියක්. ඒ සපෝට් එක උපරිමයෙන්ම වටිනවා මට.

මට මගේ මහත්තයව වෙලාවකට දකින්නටවත් නෑ. මොකද ඔහුගේ රැකියාව නිසා. වෙලාවකට කෝල් එකක් විතරයි දෙන්නේ. සමහර වෙලාවට ඒකත් නෑ”, කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button