අහුලගත්ත ගොසිප්

“රංගනයට ක්‍රීඩාවට සහ කුංග්ෆු වලටත් දක්ෂ පොඩ්ඩා” පහන් සන්දීප

රංගනයට ක්‍රීඩාවට විතරක් නෙවෙයි කුංෆු ස’ ටන් කලාවටත් එකසේ දස්කම් දක්වන ඔහු නමින් පහන් සන්දීප යි.

පහන් මේ දවස්වල විකාශනය වන “ගුග්ලි” නාට්‍යයයේ හරි අපූරුවට “පැතුම්” ගේ චරිතයට පන පොවන ආකාරය ඔන්න ඔයාලට නරඹන්නට පුලුවන්.

තවමත් පාසල් අධ්‍යාපනය හදාරන පහන් පාසලේ 10 වැනි ශ්‍රේණියේ, මහානාම විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර, රංගනය මෙන්ම අධ්‍යාපන කටයුතු ද සම සේ කරගෙන යන පහන්, මේ වන විට පහන්,

“සල් මල් ආරාමය, මහපොළොව” වැනි හරි අපූරු කලාත්මක නිර්මාණයන් 10ක පමණ රංගනයෙන් දායක වී තිබෙන අතර, මේ දවස්වල පහන් කාර්ය බහුල වී සිටින්නේ, “ගුග්ලි” ටෙලි නාට්‍යය සමඟින් වන අතර,

කොවිඩ් තත්ත්වයත් එක්ක පහුගිය කාලේ රට වසා තිබෙද්දී, පහන් කරලා තියෙන්නේ හොඳින් පාඩම් කරපු එක ලු අධ්‍යාපනයට මුල් තැන දීලා.

ඉතින් ඒ වගේම පවුලේ ආදරණීයයන් සමඟින් විනෝදයෙන් ජීවිතේ ගෙවන්නටත්, ඔහුගේ මල්ලිලා දෙන්නත් එක්ක සෙල්ලම් කරන්නටත් අමතක කර නම් නෑ.

ගොඩක් දෙනෙක් ජීවත් වෙන්න ආස කරන්නේ නගරයේ නේ. එත් මේ පුංචි පහන් නම් හරිම කැමති ගමේ අසිරිය විදිමින් ගමෙහි ජීවත් වෙන්නයි.

පාසලේ ක්‍රිකට් වලට දස්කම් දක්වන පහන් කුංෆු සටන් කලාව ද හදාරන අතර, ඔහුගේ අපූරු රංගනය ද ඊට දෙවනි කොට නෑ. ඒ වගේම පහන් හරි ආසයිලු පිටරටකට යන්න අවස්ථාවක් ලැබුණොතින් ඔහුගේ මුළු පවුලමත් එක්කට රට යන්න.

විවේක වෙලාවක් තිබුණොතින් පහන් ඔහුගේ සහේදරයන් එක්ක සෙල්ලම් කරන්නටත් අමතක නොකරන අතර, පොත් පත් එහෙමත් ඒ අතරතුර කියවනවා කියලයි පහන් නම් කියන්නේ.

ඔන්න පහන් වනිදු හසරංගට හරිම ආසයි ලු. මොකද ඔහු අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නිසාත් පහන්ගේ ආසම ක්‍රීඩා තරුව ඔහු නිසාත් ය.

ඒවගේම පහන් හරි ආසයි ලු නුවරඑළියේ යන්න එහෙම. එහෙ ගිහින් ඒ අසිරිය විදින්න දකින්න හරිම ආසාවෙන් ඉන්නවා කියලයි පහන් කියන්නේ.

ඒ වගේම පහන් ට මේ තාක් දුර ගමනක් එන්නට උදව් උපකාර කළ පිරිස්, පහන් අමතක කර නම් නෑ. ඉතින් ඒ අතර පහන් ගේ ආදරණීය දෙමාපියන්, ටීවි ඇකඩමි හි සුරංග ලක්මාල් මහතා ද වනවා.

එමෙන්ම රංගනය ක්‍රීඩාව සහ කුංෆු වැනි, මේ තරම් විවිධාකාර වූ භූමිකාවන්හි හරි අපූරුවට නිරත වන පහන්ගේ අනාගත බලාපොරොත්තුව තමයි පුරාවිද්‍යාඥයෙක් වීම වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button