
බොලිවුඩය කියන්නේ රසික හදවත් අමන්දානන්දයට පත් කරන ලද සිනමා නිර්මාණ අති විශාල ප්රමාණයක් බිහි වූ ස්ථානයක් වන අතර ලෝකයේ බොහෝ රසික රසිකාවියන් අතර ඉතාමත් ජනප්රිය වූ නිර්මාණ ගණනාවක් මේ බොලිවුඩය ඔස්සේ බිහිවී තිබෙනවා.
බොලිවුඩය පිළිබඳව කතා බහට ලක් කරන විට බොලිවුඩය ඔස්සේ බිහිවූ තරු අති විශාල ප්රමාණයක් සිටින අතර මුළු මහත් ලෝකයෙම අවධානය දිනා වත් සුපිරි තරු ගණනාවක් අදටත් සිටින අතර,
එවැනි බොලිවුඩයේ පෑයූ සුන්දර සුපිරි තරුවක් ලෙස කරීනා කපූර් හඳුන්වන්නට පුළුවන්. ඉතාමත් සුන්දර සරාගී රූ සපුවක් හිමි කරීනා රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් වශයෙන් ද ප්රසිද්ධ චරිතයක් වන අතර,
බොලිවුඩ් සිනමාව තුළ වැජඹෙන තරු අතර ප්රමුඛස්ථානයේ ඇය සිටිනු ලබනවා. මේ නිසාම ඇය බොලිවුඩ් සිනමාවේ නිළි රැජනක් ලෙසද හඳුන්වනු ලබනවා.
බොලිවුඩයේ සුපිරි තරුව කඩවසම් රංගන ශිල්පියෙකු වන සයිෆ් අලී ඛාන් සමග විවාහ වූ ඇයට මේ වන විට දරුවන් දෙදෙනකු සිටින අතර,
දෙවන දරු ප්රසූතිය නිසා රංගන කටයුතුවලින් අෑත් වී සිටී කරීනා නැවතත් සිනමාවට පිවිසි ඇති බව බොලිවුඩයෙන් දැනගන්නට ලැබෙනවා.
දෙදරු මවක් වුවත් ඇයගේ සුන්දරත්වයේ කිසිදු අඩුවක් නොමැති අතර එදා දුටු සුන්දරත්වය, රූ සපුව අදටත් ඒ අයුරින්ම පවතිනවා. ඒ අනුව ඉදිරියේදී තිරගත වීමට නියමිත The Devotion of Suspect X සිනමාපටයට ඇය රංගනයෙන් දායක වීමට නියමිතව තිබෙනවා.
ඉතාමත් සුවිශේෂී කතා මාලාවක් ඔස්සේ විකාශය වෙන මෙම සිනමා පටය සදහා එහි චරිත නිරූපණය කිරීමට කරීනා මේ වන විටත් සූදානම් වෙමින් පවතින බව බොලිවුඩයේ ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙනවා.
විස්තර ලබා ගැනීම හදගැස්ම ඇසුරිනි








