අහුලගත්ත ගොසිප්

බුකියේ හැමෝම කතා වුන සුරංගි දැන් අම්ම කෙනෙක්

ආදරේ කියන්නේ හරිම උතුම් වගේම හැමෝටම ඕන කරන දෙයක්නේ. ඉතින් ඒ සුන්දර ආදරේ දී දෙන පොරොන්දුත් ඒ වගේමයි. ඒ පොරොන්දු එලෙසින්ම රකින්න පුලුවන් කීයෙන් කී දෙනාට ද?.

ඔන්න ඉතින් අද අපි කථා කරන්නට යන්නේ ආදරේ දී දුන් පොරාන්දු එලෙසින් ම රැකගනිමින් තම ආදරය හරිම සුන්දරව පවත්වාගෙන යන අපූරු ආදරණීය යුවලක් ගැනයි.

මේ දෙදෙනාගේ සුන්දර ඡායාරූපයන් පවා සමාජ මාධ්‍යන්හි හුවමාරු වන්නට වුණා පසුගිය දවසක. එවැනි වූ සුන්දර ආදරණීය කථාවකට මුල පිරූ, පාදය අහිමි වුණු තරුණියකගේ අත ගත් තරුණයා අද වන විට ගෙවන්නේ සුන්දර විවාහ දිවියකි.

ඉතින් මේ පුංචි කැදැල්ලට අලුත්ම සාමාජිකයෙකු ත් එකතු වුණා. ඒ තමයි මේ ආදරණීය දෙපළගේ සුරතල් දරු පැටියා. පාදයක් අහිමි වුවද ඒ තරුණයා ඇයව අත හරින්නේ නෑ.

ඉතින් ඒ නිසාම ඒ ආදරයේ සතුට සදාකාලිකව පවත්වාගෙන යන්නට ඔවුන්ට හැකිවන්නේ ඔවුන් තුළ ඇති අවංක ආදරය නිසාම ය. විවාහ දිවියට පත්වන්නට පෙරාතුව දෙදෙනා, තම විවාහ කටයුතු වෙනුවෙන් යන විට නොසිතූ මොහොතකයි අනතුරකට පත් වන්නේ.

ඉතින් ඒ ගැන මෙන්න මේ විදියට තමයි කියා සිටින්නේ ඇය විසින්. “ඇක්සිඩන්ට් එක වෙද්දී මට දැනුණා කකුල නෑ වගේ ගතියක්. අයියට ඒ කියන්නේ මගේ හස්බන්ඩ්ට ඒ වෙලාවේ සිහිය තිබ්බේ නෑ.

ඒ වෙලාවේ ආර්මි එකේ අයියා කෙනෙක් තමයි මාව අල්ලගෙන කරාපිටිය හොස්පිටල් එකට අරන් ගියේ. වෙන කවුරුත් ඉදිරිපත් වුණේ නෑ. ගොඩාක් අය කීව කථාවක් තමයි අයියට අවුල් කෙල්ලට අමාරුයි කියලා.

ඩොක්ටර් කීවා කකුල අ’ යින් කරන්න වෙයි කියලා. මම ඒකට එකඟ වුණා. මගේ අම්මා තාත්තා ගොඩාක් ඇඬුවා. මගේ හස්බන්ඩ් හිතුවෙත් නෑ කකුල අයින් කරන්න වෙයි කියලා. එයා ගොඩාක් ඇඬුවා.

ඒ වුණත් එයා මට කිසිම වෙනසක් කරේ නෑ. අම්මා තාත්තා නැති වුණත් එයා මගේ ළඟ ඉන්නවා කියලයි නිතරම එයා මට කිව්වේ. එදත් එයා මාව ආදරයෙන් බලා ගත්තා. අදටත් එසේමයි.

ඒ පොරොන්දු කවදාවත් එයා කැඩුවේ නෑ. ඒ විදියට එයා හැමදාම කීවේ මාව හොඳින් බලාගන්නවා කියලා. එදා තිබ්බ ආදරේ අදටත් එහෙම්මමයි.

මං කරපු පිනකට තමයි මට මේ වගේ ආදරණීය ස්වාමිපුරුෂයෙක් ලැබුණේ. ඉතින් ඒක මගේ ජීවිතේ ලොකුම ලොකු වාසනවක්. වෙනස් නොවන ආදරයක් දෙන මගේ සැමියා හැමදාමත් දෙවියෝ රකීවා!” කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button