අහුලගත්ත ගොසිප්

කලා ලෝකයට එන ඕනෑම කෙනෙක්ට මුලින් ඕනි තරම් කට කතා හැදෙනවා

කලා ලොවේ බිහි වුණු තරු අතර ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟින් තම පළමු රංගනය තුළින්ම ප්‍රේක්ෂක සිත් වසගයට ගත් චරිතයකි ලහිරුනී සල්වතුර කියලා කියනනේ.

මේ නම ටිකක් නුපුරුදු වුවත් පොදු ටෙලි නාට්‍යයේ නිලූ චරිතයනම් අපි හැමෝ වගේ දන්න චරිතයකි. ඉතිං මේ පොදු ටෙලි නාට්‍යයේ නිලූ චරිතයට පණ පොවන්නේ ලහිරුනී සල්වතුර නම්  නවක රංගන ශිලපිනියයි.

මේ ටෙලි සිතුවම හරහා ප්‍රේක්ෂක ආදරය දිනා ගැනිීමට සමත් ඇය ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරන අතර නොහිතපු වෙලාවක ලැබුණු මේ අවස්ථාව පිළිබඳව ඇය අදහස් දක්වන්නේ මේ විදිහටයි.

ඇගේ හොඳම මිතුරියක්  ඇගේ ඡායාරූප කිරිපයක් මේ නාට්‍යයේ චරිත තෝරා ගන්නා අවස්ථාවේ යවා ඇත. එවිට ඇය නොහිතපු වෙලාවක ඒ සඳහා තේරී කලා ලොවට පිවිසීමට අවස්ථාව උදා වී ඇති බවයි ඇය පවසන්නේ.

ඒ වගේම ඇය 2018 අවුරුද්දේ NSBM කැම්පස් එකේ අවුරුදු කුමාරි තරගයෙන් දෙවෙනි ස්ථානය දිනාගැනීමටත් සමත් විය.

කෙසේ හෝ කලා ලොවට පිවිසෙන ඔනෑ කෙනෙකුට ඔනෑ තරම් කටකතා කියන්න පුළුවන්  ඒ ආකාරයේ කට කතා වලට ඇයත් මුහුණ දුන්නද කියලා අහපු අවස්ථාවක ලහිරුණී අදහස් දැක්වූයේ මේ විදිහටයි.

මම හිතන්නේ ඒ වගේ දේවල් ගැන ඕනවට වඩා හොය හොයා පස්සෙන් ගියොත් අපි කාට  වුණත් ජීවත් වෙන්න අමාරුයි. මම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ airhoster කෙනෙක් විදිහට අවුරුදු දෙකක් සේවය කළා.

සාමාන්‍යයෙන් ඒ field එක ගැනත් විවිධ මත තියෙනවා. ඒත් පාඩුවේ මම මගේ රැකියාව කළා. රංගන ක්ෂේත්‍රය තුළත් මගේ තැන තියාගෙන මම හිටියා.

කෙසේ හෝ ඇය මේ වන විට විවාහක තරුණියකි. මුලින්ම තම සැමියා රංගනයට පිවිසෙනවාට අකමැති වුවත් දැන්නම් ඇයට සහයෝගය දක්වමින් ඉතාමත් සතුටින් කටයුතු කරන බවයි ඇය පවසන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button