අහුලගත්ත ගොසිප්

චිරන්ත තාත්තා ලඟින් ඉන්න එක ලොකු සැනසීමක් කාවින්ද්‍යා කියූ කතාව

එදා මෙදා තුර සංගීත ක්ෂේත්‍රයට බිහි වූ අති දක්ෂ, ජනප්‍රිය තරු යුවලක් තමයි සමිතා එරන්දති මුදුන් කොටුව සහ අතුල අදිකාරි කියලා කියන්නේ.

ඒ වගේම ඔවුන්ගේ ආදරණීය වැඩිමල් දියණිය තමයි කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ. ජන්මයෙන්ම ලද විවිධ දක්ෂතා පිහිටා තිබෙන ඇය ගායනයට මෙන්ම නිවේදනයට සහ රංගනයට ද දස්කම් දක්වන බව ඔබ මේ වෙනකොට දන්නවා ඇති.

වැඩසටහන් කිහිපයකම නිවේදිකාවක ලෙස කටයුතු සිදුකරගෙන යන ඇය තමන්ගේම කියා ජනප්‍රිය ගීත කිහිපයකටම උරුමකම් කියනවා.

ඒ වගේම “ඝරසරප” නම් සිනමාපටයෙහි ප්‍රධාන චරිතයකින් තම රංගන ගමන අරඹන මේ සුන්දර යුවතිය එයින්ද නොනැවතී මේ වන විට “සක්කාරං” වැනි ටෙළි නිර්මාණයන් තුළින්ද ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා දිනාගැනීමට සමත්ව තිබෙනවා කිව්වොත් නිවැරදියි.

තවමත් යොවුන් වියේ පසුවන කාවින්ද්‍යා කියන්නේ සෑමදෙනා සමගම ඉතා සුහදශීලීව ගනුදෙනු කරන, නිහතමානී ගති පැවතුම් ඇති, පොළොවේ පය ගසා ජීවත්වන සුන්දර තරුණියක් බව ඔබත් පිළිගනු ඇති.

මව සහ පියාගේ දික්කසාදයෙන් පසු මව, මිත්තණිය සහ බාල සොහොයුරා ද සමඟ ජීවත් වුනු ඇයගේ සිතට විශාල දුකක් ,තනිකමක් රැගෙන එමින් මීට කෙටි කලකට ඉහත දී ඇගේ මිත්තණිය මෙලොව හැර යනවා.

ඒ පිළිබඳව ඇය ඉතා සංවේදී වෙමින් විවිධ අවස්ථාවන්වලදී බොහෝ වැඩසටහන් සමඟ සම්බන්ධව ඇය අදහස් දක්වා තිබෙනු ඔබත් දකින්නට ඇති.

ඉතින් ඒ වගේම සතුටකුත් රැගෙන ඔවුන්ගේ පවුලට අලුත් සාමාජිකයෙක් පැමිණි බව නම් මේ වෙනකොට කවුද නොදන්නේ.ඒ සමිතා මුදුන්කොටුව මහත්මියගේ දෙවන විවාහය වුණු චිරන්තයි.

ඉතින් ඔහු පිළිබඳව කාවින්දයා කියා සිටියේ ඔහු මව ගැන මෙන්ම කාවින්ද්‍යා සහ ඇයගේ බාල සොහොයුරා ගැනද නිතර සොයා බලා, වයසට වැඩිය වගකීම් සහිත පුද්ගලයකු ලෙස කටයුතු කරන බවයි.

ඔහු නිසාම ඔවුන්ගේ ජීවිතවලට නව බලාපොරොත්තුවක්, සතුටක් ,නිදහසක් ලැබුණු බවයි කාවින්ද්‍යා කියා සිටියේ. ඉතින් මේ සුන්දර පුංචි පවුලට ඉදිරියටත් අද මෙන් සතුටින්, සහයෝගයෙන් ඉන්න ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button