අහුලගත්ත ගොසිප්උණුසුම් පුවත්

අද කාලේ හොඳ චරිත වලට යන්න අධ්‍යක්ෂක වරු එක්ක එකට ඉන්න වුන නිලියන් පවා ඉන්නවා

දා හෙළ සිනමාවට නැතිවම බැරි වුණු රංගන ශිල්පිනියක වන ඇය “යකඩ පිහාටු”.… වැනි අතිශය ජනප්‍රිය සිනමා නිර්මාණයන් රාශියකට ජීවය එක් කරමින්,

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන යෑමට උරදුන් ,සම්මානනීය, ප්‍රවීණ රංගන ශිල්පිනියක වන අති දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ යි.

මේ වන විට රංගනයෙන් මදක් ඈත්ව සිටි යත් ප්‍රේක්ෂක සිත් තුළින් කිසිදා නොමැකෙන රංගන ශිල්පිනියක වන ඇය කලාවේ අනාගතය සාර්ථක කිරීම උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකරන, ඒ වෙනුවෙන් ඉදිරි පරපුර නිර්මාණය කරන, කලාව වෙනුවෙන් නිරන්තරයෙන් නැගී සිටින කලාකාරිනියක් බව කිව යුතුයි.

එම නිසාම නිරන්තරයෙන් ගැටළු වලට මුහුණ දීමට සිදුව තිබෙන ඇය කියා සිටියේ එක්තරා කාලයකදී සිනමාව වෙනුවෙන් දින දෙකක් තුළ මීටින් හතකට පමණ සහභාගීව ඒ වෙනුවෙන් කතා කළ බැවින් ඉන් උරණ වූ එක්තරා කණ්ඩායමක් මැරයන් පිරිසක් ඇයව දූෂණය කර මැරීම සඳහා එවූ බවත්,

ඉන් බේරීමට ඇයි ගේ කටහඬ වෙනස් කර කතා කිරීමේ හැකියාව බෙහෙවින් උදව් වූ බව හා කෙසේ නමුත් ඔවුන් ඇයගේ මොනරාගල පිහිටි නිවෙස ගිනිබත් කර තිබූ බවයි.

එකල ඇයට තිබූ මරණ තර්ජන නිසා ම රාත්‍රියට නින්දට යන්නේද කොයි වෙලේ හෝ නිවසට මැරයන් පැන කලබලයක් ඇති කළහොත් බේරී පලා යා හැකි අයුරින් දිග කලිසමකින් සැරසී ජංගම දුරකථනයද ලඟ තබාගෙන බවයි ප්‍රවීණ රංගන ශිල්පිනි අනෝජා කියා සිටියේ.

එලෙසට තම වෘත්තිය වෙනුවෙන් කැපකිරීම් කර ඇති ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ඇය පවසා සිටින්නේ වර්තමානයේ අතලොස්සක් නිර්මාණකරුවන් කලාවට ඇති ගෞරවය අවතක්සේරු වන යම් යම් ක්‍රියාවන් හි නිරත වන බව හා ඇතැමුන් රංගන ශිල්පිනියන් නිර්මාණයන් හි රඳවා ගැනීමට ඔවුන්ගෙන් ලිං’ ගික අල්ලස් පවා ලබා ගැනීමට යොමුවන බවයි.

ඉතින් සිනමාව වෙනුවෙන් අමිල මෙහෙයක් හිටු කරන මේ ප්‍රවීණ රංගන පෞරුෂය ට ඉදිරියටත් එලෙසටම සේවය කරගෙන යෑමට ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button