අහුලගත්ත ගොසිප්

“රඟපාන චරිතයට මට සාධාරණයක් කරන්න බැරිනම් මම ඒ චරිතය රඟපාලා වැඩක් නැ” මනීෂා චංචලා

“දෙරණ ලිට්ල් ස්ටාර්” තරගාවලියේ 12න් පහළ ගායන අංශයේ සිව් වන ස්ථානය දිනා ගනිමින් රංගන වරම් හිමිකර ගන්නා ඇය වඩාත් ජනප්රිය වන්නේ “සිදූ” ටෙලි නිර්මාණය හරහා යි.

එහි “තෙරුනි” නම් චරිතයට පණ පොවන ඇය නව පරපුරේ අති දක්ෂ, ජනප්රිය ,සුරූපී, යොවුන් රංගන ශිල්පිනී, ගායන ශිල්පිනී මනීෂා චංචලා යි.

ගායනයට ,රංගනයට අමතරව නිවේදනයටද උපන් හපන්කම් දක්වන මනීෂා 2008 වසරේ මහනුවර කඳුරට fm නාලිකාවේ ළමා නිවේදිකාවක ලෙස ද කටයුතු කර තිබෙනවා.

කුඩා කල සිට ඇයගේ හැකියාවන් දුටු දෙමව්පියන් ඇයව ඒ හරහා ඉදිරියට යැවීමට කටයුතු සිදුකර ඇති බවයි මනීෂා කියා සිටියේ. ඒකාකාරී චරිත යන්ට කොටු නොවී විවිධාකාර වූ චරිතයන් හරහා ඔබ හමුවට පැමිණෙන ඇය,

ලැබෙන සියලුම ආරාධනා බාර නොගෙන තෝරා බේරාගෙන සාධාරණයක් ඉටු කල හැකි චරිතයන් පමණක් භාර ගන්නා රංගන ශිල්පිනියක බවයි අපට දැනගන්න ලැබුණේ.

ඒ වගේම ජීවිතේට පැමිනෙන ප්රශ්න,බාධක, කඩා වැටීම් ඉදිරි ගමනට සවියක් කරගනිමින් බාධක හමුවේ නැගී සිටිය හැකි සවිමත් තරුණියක මෙන්ම ප්රවීණයන්ට, වැඩිහිටියන්ට ගරු කරන ගුණ යහපත් ගති පැවතුම් ඇති තරුණියක වන මනීෂා කියා සිටින්නේ,

ඇය රංගනයෙන් දායක වූ සියලු නිර්මාණයන්හි ඇයගේ රංගනයේ ඇති සාර්ථකත්වයට එහි රංගනයෙන් දායක වූ ප්රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය හේතු වූ බවයි.

ඒ වගේම මේ වන විට පෙම්වතියක වන මේ සුරූපී රංගන ශිල්පිනියගේ අනාගත සහකරු වීමේ වාසනාව උදා කරගෙන තිබෙන්නේ දෙරණ නාලිකාවේම ප්රවෘත්ති අංශයේ නිවේදන ශිල්පියකු වන ඔබ අප කවුරුත් හඳුනන යොවුන් කඩවසම් නිවේදක කලිදු කරුණාරත්න යි.

ඉතින් ඔහු පිළිබඳව මනීෂා කියා සිටින්නේ ඔහුගේ ආදරය ලැබීමට ඇය බොහෝ වාසනාවන්ත වූ බවත්, ඔහු ඉතාම ආදරණීය, අව්යාජ තරුණයකු බවයි.

ඉතින් ඔබ අප කවුරුත් බෙහෙවින් ආදරය කරන මේ සුරූපි, යොවුන් රංගන ශිල්පිනී මනීෂා චංචලාගේ ඉදිරි ගමනට අපි ඇයට සුබ පැතුම් එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button