අහුලගත්ත ගොසිප්

පියා වගේම ආදරේ කරන කෙනෙක් බලාපොරොත්තු වෙන ඉෂාරා කීව දේ

“talk with මුදිත and ඉෂි” වැඩසටහන හරහා වඩාත් ජනප්‍රියත්වයට පත් වන, බොහෝ දෙනෙකු හඳුනා ගන්නා ඇය අති දක්ෂ ,ජනප්‍රිය, සුරූපී නිවේදන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක්ද වන ඉෂාරා අතුකෝරල යි.

මේ දිනවල විකාශය වන “කොළඹ ඉතාලිය”, “පාරදිගේ” වැනි ටෙලි නිර්මාණ රාශියක් හරහා බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා සිටින දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ආනන්ද අතුකෝරල මහතාගේ එකම දියණිය වන ඇය

උසස් පෙළ නිම කළ මුල් අවධියේ “ආත්මා” නම් ටෙලි නිර්මාණයේ අන්ධ දැරියකට රංගනයෙන් දායක වූ බවත්, ඇයගේ වැඩසටහන් සියල්ල අත් නොහැර ඇයගේ පියා ඉතා ආශාවෙන් නරඹන බවයි කියා සිටියේ.

මව, පියා ඇතුළු ඉතා ආදරණීය පුංචි පවුලකට උරුමකම් කියන ඇයගේ ලෝකයේ වීරයා ඇයගේ ආදරණීය පියාගේ වන ආනන්ද අතුකෝරල මහතා බවයි ඉෂාරා කියා සිටියේ.

මෙතෙක් කලක් රංගනයට එතරම් සම්බන්ධ නොවූවත් ඉදිරියේදී හොඳ නිර්මාණයක් සඳහා ආරාධනා ලැබුණ හොත් භාරගන්නා බව හා පියා සමග එකට රංගනයෙන් දායක වීමට ප්‍රිය කරන බවයි ඇය කියා සිටියේ.

තවමත් විසිපස් වැනි යොවුන් වියේ පසුවන මේ සුරූපී නිවේදනය ශිල්පිනිය තව වසර තුන හතරකින් පමණ විවාහයක් පිළිබඳ ව සිතන බවයි කියා සිටියේ.

ඒ වගේම තම පියා රංගන ශිල්පියකු වීම වාසනාවක් ලෙස දකින ඉෂාරා පාසල් කාලේදී පවා එයින් උඩගු නොවූ බවත්, කිසිම අවස්ථාවක තමන්ගේ වාසියට පියාගෙ නම භාවිතා නොකළ බවත්

පාසල් කාලයේ බොහෝ දෙනෙක් ඇයව “නළුවාගේ දුව” ලෙස හදුන්වා දෙන විට නිහතමානී ආඩම්බරයක් දැනුණු බවයි ඇය කියා සිටියේ.

ඉතින් බොහෝ දෙනෙක් ඉතා ආදරයෙන් වැළඳ සිටින දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද අතුකෝරල මහතාට මෙන්ම ඔහුගේ ආදරණීය දියණිය වන සුරූපී නිවේදන ශිල්පිනී ඉෂාරා අතුකෝරල ගේද ඉදිරි ගමනට අපි ඔවුන්ට සුබ ප්‍රාර්ථනා එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button