අහුලගත්ත ගොසිප්

කොච්චර ආස වුණත් ජිම්නාස්ටික්, Diving ක්‍රීඩාව අතහැර බර එසවීමේ ක්‍රීඩාවෙන් මව්බිම රනින් බබලන්නට සමත් වු ශෙනුකි දිශාල්‍යා

පසුගිය වසරේ නිමාවට පත් වු තුරිකියේ පැවැත්වු Asian Classic Equipped Bench Press and Powerlifting Championship 2021 තරගාවලියට සහභාගි වු අපේ රටේ ඉතාමත් සුන්දර රූ සපුවක් හිමි තරුණ  වයසේ පසුවන යුවතියක් වනවා.

ඇය ශෙනුකි දිශාල්‍යා නම් ක්‍රීඩිකාව ඒම ක්‍රීඩා උළෙලේ දී සමස්ත බර කිලෝග්‍රෑම් 232ක් ඔසවමින් ඇය විසින් රන් පදක්කම් ගණනාවක් දිනා ගැනීමට සමත් වනවා.

ඉතාමත් ලාබාල වයසකදි ඇය විසින් රනින් අපේ රට බබලන්නට හැකියාව ලැබුනු ඉතාමත් දක්ෂ තරුණියක් වනවා. ශෙනුකි හා තරග වැදුනු අනෙකුත් අය දෙස බලන විටල

ඇයගේ ශරීර ප්‍රමාණය මෙන්ම ඇයගේ වයස අනුව මෙවන් දක්ෂතා දැක්වීමට ඇයට හැකි වීම සැබැවින්ම පුදුම සහගත වන අතර ඇයගේ ඒම දක්ෂතාවය කොතරම්ද යයි අපිට පෙ‌නෙනවා.

ඇය විසින් කිලෝග්‍රෑම් 105, කිලෝග්‍රෑම් 42 සහ කිලෝග්‍රෑම් 85‍ යන තරග වලදී රන් පදක්කම් 3ක් මෙන්ම කිලෝග්‍රෑම් 47 බර පන්තිය යටතේ රන් පදක්කමක්ද දිනා ගත් ඇය ආසියානු සවි එසවීමේ ශූරිය බවට පත් වන්නේ අපේ රටට විශාල ආඩම්භඝරයක් ඒක් කරමිනි.

කුඩා කාලයේ සිට ක්‍රීඩාවට දස්කම් දැක්වු මේ සුන්දර තරුණිය නැතිනම් ශෙනුකි දිශාල්‍යා ජිම්නාස්ටික් ක්‍රීඩාව සදහා යොමු වී කටයුතු කරන ලද අතර ඒ ඔස්සේ ඇය දස්කම් ගණනාවක් පෙන්වන්නට සමත් වු අතර පිහිනුම් ක්‍රීඩාවටත් ඇය දක්ෂතා දක්වන්නට විය.

ඊට අමතරව Diving ක්‍රීඩාවටත් ඇය උපන් හමන්කම් දක්වන තරුණ ක්‍රීඩිකාවක් වේ. 2018 දී Diving ඉසව්වේ ජාතික ශූරතාව දිනා ගැනීමට ද ඇය සමත් වනවා.

2019 වසරේ ජාතික ජිම්නාස්ටික් තරගාවලියේ Balance Beam ඉසව්වේ රන් පදක්කමත් දිනා ගන්නට සමත් වෙනවා. නමුත් කාලයත් සමත ඇය ඒම ක්‍රීඩා දෙකටම සමුදෙන අතර ඇය සවිය ඒසවීමේ ක්‍රීඩා කටයුතු සදහා යොමු වන අතර,

ඒ අනුව සවිය ඒසවීමේ ක්‍රීඩාවෙන් ඉදිරියට යාමේ බලාපොරොත්තුවෙන් ඇය කටයුතු කරනු ලබන 2021 දෙසැම්බර් පවත්වන ලද ජාතික සවි එසවීමේ තරගාවලියේ දී ජාතික වාර්තා දෙකක් දිනා ගනිමින් ජාතික ශූරිය බවට පත් වන්නට මේ දක්ෂ ක්‍රීඩිකාවට හැකි වනවා.

උපන් හැකියාව මෙන්ම දක්ෂතාව උපයෝගි කර ගනිමින් තමන් උපන් රට වෙනුවෙන් රටට ආඩම්භරයක් ගෙන ඒන්නට තරග වදින තවමත් තරුණ වයසේ පසුවන මෙවන් අති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් අදටත් අපේ රටේ සිටින අතර,

ඔවු‌න්ගේ හැකියාවන් වර්ධන කර ගනිමින් ඉදිරි අනාගතයේදි ක්‍රීඩාව තුලින් දිගු ගමනක් යාමට හැකි වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු‍.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button